හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයකට කෝටිපති ව්‍යාපාරික දිලිත් ජයවීර අපූරු ප්‍රතිචාරයක් දක්වා තිබේ.
නාමල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සිය ට්විටර් පණිවිඩය හරහා ප්‍රශ්න කර සිටින්නේ, මහජනතාවගෙන් යම් කොටසක් රජයට එරෙහිව අරගල කරද්දී, විපක්ෂය විරෝධතා පාගමන් සංවිධානය කරද්දී, ආණ්ඩු පක්ෂය දෙඩක වී බහුතරය නිර්මාණය කිරීම පිළිබඳ වෙහෙසෙද්දී රට විඳවමින් සිටින බවත්, සැවොම එක්වී ප්‍රශ්ණයට විසඳුමක් සොයනු වෙනුවට විවිධ න්‍යාය පත්‍ර වලට යටවී සිටිය යුතු ද යන්නයි.
ඊට ප්‍රතිචාර දක්වමින් දිලිත් ජයවීර මහතා සඳහන් කරන්නේ, එක් එක් අයගේ න්‍යාය පත්‍ර ගැන නාමල් රාජපක්ෂ මහතා කතා කරන්නේ නම් “ඇන්ටිජන් හොරු” යැයි තමන්ට එරෙහි සමාජ මාධ්‍ය තුළ ගෙනගිය ප්‍රචාරණ ව්‍යාපෘතියේ න්‍යාය පත්‍රය පසුපස සිටි අය ගැනත් කතා කළයුතු බවයි.
දිලිත් ජයවීර යනු වත්මන් ජනාධිපතිවරයා බලයට පත්කර වත්මන් ආණ්ඩුව පිහිටුවීම සඳහා මූලික වෙමින් දැඩි වෙහෙසක් දැරූ ව්‍යාපාරිකයෙකු වේ.
RN