වාසු කියන්නේ මාක්ස්වාදයත් පාවා දුන්න ජෝකර් කෙනෙක්. එයාගේ ඔළුව පෙන්නන්න තමයි දැන් තියෙන්නේ – මනෝ (VIDEO)

Date:

වාසුදේව නානායක්කාර යනු ඔහු විශ්වාස කළ මාක්ස්වාදයත් පාවා දුන් අයෙක් වන අතර දැන් ඔහු කළ යුත්තේ ඔළුව පරීක්ෂා කර ගැනීම බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පැවසුවේය.

ඒ, අද (28) පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුව සමඟ වූ එකඟතාවක් නිසා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන නොඑන බවට වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා විසින් කර තිබුණු ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනුයි මනෝ ගනේෂන් මහතා මේ බව සඳහන් කළේ.

මේ අතර ලබන සතියේ පාර්ලිමේන්තුවේදී සිදු වන දේ බලාගෙන සිටින ලෙසත් ජනාධිපතිවරයාට මෙන්ම ආණ්ඩුවටත් එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන එන බවයි ඔහු අවධාරණය කළේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...