සභා අනුමැතියක් නැතුව ක්ලීන් ශ්‍රී ලංකා එකට අරමුදල් යොදවලා – ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු මන්ත්‍රීගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW:ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී නලින් චමින්ද ප්‍රියදර්ශන මහතා විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඔහු එම පැමිණිල්ල මඟින් පවසන්නේ ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සඳහා සභාවේ අරමුදල්,සම්පත් හා සේවක ශ්‍රමය යොදාගෙන ඇති බවයි.

එම ව්‍යාපෘතිය පසුගිය පෙබරවාරි 03 වැනිදා සිදුකර තිබෙන අතර එම දිනය වන විට එවැනි වැඩසටහනක් වෙනුවෙන් සභා අනුමතියක් ලබා දී නොතිබුණ බව පැමිණිලිකරු පවසයි.

ප්‍රාදේශීය සභා පනත උල්ලංඝනය කරමින් සිදුකර තිබෙන එම ක්‍රියාව සම්බන්ධයෙන් විමර්ශනයක් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස එම පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...