තිස්ස විතාරණව පක්ෂ ලේකම් තනතුරෙන් පන්නයි !

Date:

ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය තිස්ස විතාරණ මහතාව ඉවත් කර ඇති බව වාර්තා වේ.

ලංකා සමසමාජ පක්ෂය ද ඇතුළත් වාමාංශික දේශපාලන පක්ෂ එක්ව සමාජවාදී ජනතා පෙරමුණ වශයෙන් වාර්ෂිකව සංවිධානය කරන මැයි දින රැලියෙන් තම පක්ෂය ඉවත් කරගෙන වෙනම මැයි රැලියක් ද පවත්වා ආණ්ඩුවට එකතු වීමට තිස්ස විතාරණ මහතා උත්සාහයක නියැළී සිටි හෙයින් ඒ මහතාව මෙසේ ඉවත් කිරීමට කටයුතු කළ බවයි එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු සඳහන් කළේ.

ඒ අනුව පසුගිය අප්‍රේල් 22 වනදා පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී තිස්ස විතාරණ මහතාව ප්‍රධාන ලේකම් ධුරයෙන් ඉවත් කිරීමටත් නව ප්‍රධාන ලේකම්වරයා වශයෙන් වේලප්පුලිගේ අබේසේන මහතා පත්කිරීමටත් තීරණය කළ බවත් එම මධ්‍යම කාරක සභිකයා පැවසීය.

කෙසේවෙතත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසන්නේ තමන්ට නොදන්වා 22 වනදා පැවති මධ්‍යම කාරක සභා රැස්වීම නීත්‍යානුකූල එකක් නොවන බවයි. එහෙයින් තවදුරටත් පක්ෂයේ නීත්‍යානුකූල ප්‍රධාන ලේකම්වරයා තමන් බවත් මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD මෝටර් ධාරිතාව : විශේෂඥ කමිටු වාර්තාව ගැන අධිකරණයට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී රේගුව විසින් රඳවා තබාගෙන, දැනට...

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...