පොලිස්පතිත් රගර් ගහන්න එයි…

Date:

කොළඹ (LNW): රගර් පරිපාලන කාර්යාලයට ක්‍රීඩා අමාත්‍යංශය මැදිහත් වීමෙන් සීල් තැබීමට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් විසුරුවා හරින ලද රගර් සම්මේලන සභාපති රිස්වි ඉල්ලියාස් කුරුදුවත්ත පොලීසියට ඉදිරිපත් කරන ලද පැමිණිල්ල සම්බන්ධ විමර්ශන කටයුතු පොලිස්පතිවරයා මැදිහත්ව නීති අංශයේ නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර යටතේ නීති අංශයට පවරන ලෙස පොලිස්පතිවරයාම කුරුදුවත්ත පොලිසියට දන්වා ඇත.පැමිණිලිකරු වෙත මේ බව දැණුම් දි ඇත්තේ කුරුදුවත්ත පොලිසියේ ස්ථානාධිපති ආලෝක බී සේනානායකය.

පොලිස්පතිවරයා ආණ්ඩුවේ දේශපාලකයන්ට එල්ල වන පැමිණිලි සහ විරෝධතා සම්බන්ධයෙන් ඉතා ඕනෑකමෙන් මැදිහත් වීම සහ ඉනික්බිති එම පැමිණිලි නිශ්ප්‍රභා වීමේ ලක්ෂණයක් දකින්නට ලැබෙන අතර මේ මැදිහත්වීම ද පොලිස්පතිවරයා කුරුදුවත්ත පොලිසියට වඩා තමන්ට පහසු තැනෙකට සහ තනතුරෙන් කිට්ටු නිලධාරියෙක්ට පැවරීම ද යන්න විමසා බැලිය යුතු තත්ත්වයක්ය.අවුරුදු චාරත්‍ර සිඳු කිරීම වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයා ඉදිරියේ වැඳ වැටුණු පොලිස්පතිවරයාට එහිදි නාමල් රාජපක්ෂගේ විසුරුවන ලද රගර් සම්බන්ධයෙන් කතා බහක් වූවා ද යන්නද විමසිල්ලට ගත යුතුය.

කෙසේ හෝ කුරුදුවත්ත පොලිසියට පැමිණිලි කිරීමට අමතරව අධිකරණයේ ගොනු කරන ලද නඩුවක් ද රගර් සම්මේලනය විසුරුවා හැරිම සම්බන්ධයෙන් පවතියි.ඊට අමතරව රිස්ලි ඉල්ලියාස් ක්‍රීඩා අමාත්‍යවරයාට එරෙහිව කෝටි 50 ක වන්දියක් ඉල්ලා නඩු පැවරීමට සූදානම් බවද පවසා ඇත.ඒ තමන්ගේ තිස් වසරක රගර් ජීවිතයට කැළලක් ඇති කරන්නට ගෞරවයට හානි වන අන්දමේ ක්‍රීඩා ඇමිති කරනු ලබන කියා නිසාය.

පාසල් මට්ටමේ රගර් උපකරණ වංචාවකට සැක කරමින් එම විද්‍යාලය ආදි සිසුවෙක් ලෙස ද නෙරපා දමා ඇති අයෙක් සහ විදේශ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරවා රට අපවාදයට ලක් කළ අවස්ථාවේ එම සංගම්වල ප්‍රධාන භූමිකා දැරූ සහ වගකිව යුතු අයෙක් ද අලුත් වචනයකින් නම් කරන ස්ථාවර කමිටුව විසින් අමාත්‍යවරයාගේ ආශිර්වාදය ඇතිව රගර් හා සම්බන්ධ වගකීම් සඳහා එක් කර ගන්න සූදානමක් පවතින බවද වාර්තා වෙයි.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපරාජිත කොළඹ දකුණට පරාජයක් – චනුල්ගේ තුන් ඉරියව් දස්කම් වලින් මහනුවරට පහසු ජයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන අවුරුදු...

ටේලර් ස්විෆ්ට් ට මල් ආකරයක වැදුණු මංගල සීනු!

සටහන – පුලී අගෝස්තු 25, කොළඹ (LNW): "Your English teacher and...

ආඬිඅම්බලම ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙක් අල්ලස් ගන්න ගිහින් කොටුවෙයි!

කොළඹ LNW: ආඬිඅම්බලම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය...