රෝගීන් වෙණුවෙන් සෞඛ්‍ය සේවාව නියාමනය කිරීමට තිබෙන ආයතන තුනම අන්ධයි – රවී කුමුදේශ්

Date:

රෝගීන් වෙණුවෙන් සෞඛ්‍ය සේවාව නියාමනය කිරීමට තිබෙන ආයතන තුනම අන්ධයි. රටේ පුරවැසියන්ට සිදුවන සෞඛ්‍යමය අසාධාරණ හා අපරාධ ඒ ආයතන වලට ඉදිරිපත් කිරීම හරියට හොරාගේ අම්මාගෙන් පේන ආහනවා වගේ වැඩක්.

පෞද්ගලික සෞඛ්‍ය ආයතනයක් තුල සිදුවන වැරදි නියාමනය කල කිරීම සඳහා නඩත්තු කරමින් සිටින ‘පෞද්ගලික සෞඛ්‍ය ආයතන නියාමන සභාව (PHSRC) සම්පූර්ණයෙන්ම පාළණය වෙන්නේ, පෞද්ගලික රෝහල් හිමිකරුවන් විසින්. සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගෙන් රෝගීන්ට සිදුවිය හැකි වැරදි පාළණය කරන්න වගකීම තියෙන්නේ වෛද්‍ය සභාවට. වර්ථමාණය වන විට වෛද්‍ය සභාව (SLMC) එක පාළණය කරන්නේ වෛද්‍ය වරුන්ගේ චන්දයෙන් පත්වන වෛද්‍ය නිළධාරීන් පිරිසක් විසින්. ඒ අයට පුළුවන්ද තමන්ට චන්දය දෙන අයට පිටුපාලා, රෝගීන්ගේ පැත්තේ හිට ගන්න. ඊට අමතරව ඖෂධ හෝ සෞඛ්‍ය උපකරණ වල තත්වය, මිල හා ආනයනය වගේ දේවල් පාළණය කරන්න, ඒ හරහා මහජනතාවට වෙන හානිය, ගසා කෑම වලක්වන්න තියන ආයතනය තමයි ඖෂධ නියාමන අධිකාරිය (NMRA). ඒකේ යාන්ත්‍රණයත් හදාගෙන තියෙන්න්නේ ඖෂධයක හෝ උපකරණයක් තත්ව නිර්දේශය සමාගමෙන්ම හෝ සමගමක තැරව්කාරයෙක් විදිහට පත් කරගෙන ඇති තාක්ෂණික විශේෂඥයෙකූ පෞද්ගලික මතයට අනූව තීරණය කරන විදිහට.

මේ එක ආයතනයකටවත් මහජනතාව වෙණුවෙන් සිදු වෙන වැරදි හොයන්න යාන්ත්‍රණයක් නෑ. පැමිණිල්ලක් කරන්න ක්‍රමයක් හදාගෙන නෑ. පැමිණිල්ලක් විභාග කරන්න වැඩ පිලිවෙලක් නෑ. ඉතිං කොහොමද මහජනතාව ආරක්ෂා වෙන්නේ

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...