යුක්රේන නගර කිහිපයකට රුසියානු මිසයිල ප්‍රහාර

රුසියාව විසින් එල්ල කරන ලද මිසයිල රැල්ලකින් කියෙව් අගනුවර ඇතුළු යුක්රේන නගර කිහිපයකටම හානි සිදුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ප්‍රාදේශීය නගරාධිපතිට අනුව ඩිනිප්‍රෝ නගරයේ කාන්තාවක් සහ දරුවන් තිදෙනෙකු මියගොස් ඇති අතර උමාන්හි මහල් නිවාස රැසකට හානි සිදු වී ඇත. ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ක්‍රෙමෙන්චුක් සහ පොල්ටාවා නගරවල ද පිපිරීම් වාර්තා වන අතර කියෙව් විසින් මිසයිල 11ක් සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් ගුවන් ආරක්ෂක පද්ධතිය විසින් බිම හෙළා ඇති බව ද වාර්තා කෙරේ.

මේ වන විට පුද්ගලයන් පස් දෙනෙක් රෝහල් ගත කර ඇති බව වාර්තා වන අතර අනෙකුත් හානීන් ගණනය කර නොමැත.

සටහන -සශිකලා මධුෂාණී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...