ජනාධිපතිවරණයට එනවාද ? – මාතර අතිදැවැන්ත රැස්වීමෙන් පසු ධම්මික දුන් පිළිතුර (VIDEO)

Date:

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ මාතර දිස්ත්‍රික් අයිටී කැම්පස් ශාඛාවන්හි සිසු සිසුවියන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය ඊයේ (28) මාතර මහින්ද විජේසේකර ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

ඒ, ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙනි.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන රැකියා ඉලක්කගත පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. ඒ අනුව ඒ ඒ සිසුන් එම පාඨමාලාවේ සම්පූර්ණ කරන ලද අදියර පරිදි ඊයේ පිරිනැමුණු සහතික පත්වල සමස්ත වටිනාකම රුපියල් මිලියන 4000 ක් වේ.

මෙම සහතික පත් ප්‍රදානෝත්සවය සඳහා මහා සංඝරත්නය, සිසු සිසුවියන්, දෙමව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළු 10,000 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

මෙම උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද යන්න සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී ඒ මහතා ඊට පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

“රට ආර්ථිකයෙන් පොහොසත් කරන එකයි දේශපාලනයයි දෙකක්. හැබැයි දේශපාලනයේදී 51%ක් තියෙනවා කියලා දකින ඕනෙ වෙලාවක මම ඒකට ඉදිරිපත් වෙනවා. ඡන්දෙට මං කොහොමත් ඉදිරිපත් වෙනවා කියලා කියලා තියෙනවා 51% තියෙනවා නම්. මගේ මේ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් කියන එක දේශපාලන වශයෙන් කරපු එකක් නෙවෙයි, රට ගොඩගන්න කරපු වැඩසටහනක්. දැන් ඔබතුමාලා දකින්න ඇති අද මිලියන 4,000 ක සහතික පත් දුන්නේ. මෙතනම ඉන්නවා ඔක්කොම දහ දාහක්. ඉතින් මේක දේශපාලනය කළා හෝ නොකළාද කියන එක නෙවෙයි, මොකද මම මේක 2012 මහින්දෝදය අයිටී ලැබ් එක මගේ පුද්ගලික සල්ලිවලින් හදලා කරපු ප්‍රොජෙක්ට් එකක්. අවුරුදු 12ක් ගියා මට මෙතෙන්ට එන්න. ඉතින් මම හිතනවා මේකෙන් ඕනෙ නම් රජයට වුණත්, රජයේ පාසල්වල මහින්දෝදය ලැබ්ස් 1,000ක් තියෙනවා, මගේ මේ ප්‍රෝග්‍රෑම් එක දුවන්න. මොකද මේක දුවන්නේ ලෝකයේ තියෙන, ඇමරිකාවේ තියෙන හොඳම ප්ලැට්ෆෝම්ස්වල තමයි මේක දුවන්නේ. මේ වගේ එකක් ඇරෙන්න මේ රටේ ළමයින්ව ගොඩගන්න ක්‍රමයක් මං හිතන්නෑ කාටවත් තියෙනවා කියලා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...