මැයි10 සිට ආර්. එම්. පාර්ක්‌ ෂෙල් සමාගම වැඩ අරඹයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 29, කොළඹ (LNW):මැයි මස 10 වැනිදා වන විට ආර්. එම්. පාර්ක්‌ ෂෙල් සමාගම මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු ලබන ආරම්භ කරනු ඇති බව බලශක්ති රාජ්‍ය ඇමැති ඩී. වී. චානක පවසයි.

බලශක්ති රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍ය හමුවේ පවසා සිටියේ, එම සමාගම මේ වන විටත් ඩීසල් සහ පෙට්‍රල් තොග රැගත් නෞකා දිවයිනට රැගෙනවිත් ඇති බවයි.

රාජ්‍ය ඇමැතිවරයා කියා සිටියේ, මෙම නෞකා මෙරටට පැමිණ තිබුණද ඉන්ධන බෙදාහැරීම සඳහා අවශ්‍ය අනෙක් පහුසකම් ද සපුරා ගන්නා තෙක් අදාළ සමාගමට ඉන්ධන බෙදා හැරීම සිදුකිරීමට අවසර නොදෙන බවත් එම අවසර ලැබෙන්නේ සමාගම සියලුම පහසුකම් සපුරා ගැනීමෙන් පසුව බවයි.

ලබන 10 වැනිදා වන විට ආර්. එම්. පාර්ක්‌ සමාගම එම සියලු සුදුසුකම් සපුරා ගැනීමට සූදානම් බැවින් එදින සිට ඔවුන්ට මෙරට ඉන්ධන වෙළෙඳපොළට පැමිණීමට අවස්ථාව හිමිවේ.

පිරවුම්හල් 150 ක් ඉන්ධන අලෙවි කිරීම සඳහා මෙම සමාගමට අවසර හිමි වන බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...