සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් නිලධාරීන් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): හමාස් නිලධාරීන් ගාසා සටන් විරාමය පිළිබඳ සාකච්ඡා කිරීමට ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල අමාත්‍ය මණ්ඩලය අනතුරු අඟවා ඇත්තේ, සටන් විරාමයකට එකඟ වුවහොත් අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ රජය බිඳ වැටෙනු ඇති බවටයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානියා පවසන්නේ යුද්ධය දිගටම කරගෙන යාම තම අරමුණ බවයි.

වෆා ප්‍රවෘත්ති ඒජන්සියට අනුව ඊශ්‍රායලය ඊයේ එල්ල කළ බෝම්බ ප්‍රහාරවලින් ගාසා තීරයේ ළමුන් සහ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තිබෙන අතර, ඔක්තෝබර් 7 දා සිට ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 34,454දෙනෙකු මිය ගොස් 77,575දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...