ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ හෙරොයින් තොගය‍ක් අත්අඩංගුවට ගනී!

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුපියල් කෝටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් පාකිස්තානයේ සිට මෙරටට ප්‍රවාහනය කරමින් තිබියදී ඉන්දීය වෙරළාරක්ෂක බුද්ධි අංශ මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකුගෙන් යුත් “අල් රාසා” නැමති යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබු මෙම මත්ද්‍රව්‍ය තොගය සමග කාර්ය අත්අඩංගුවට ගත් බව, ඉන්දීය වෙරළාරක්ෂක බළකාය සඳහන් කර ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 86ක් පමණ වන අතර එහි වටිනාකම රුපියල් කෝටි 600කට අධික බව ද වෙරළාරක්ෂක බළකාය දැනුම් දේ.

අත්අඩංගුවට ගත් කාර්ය මණ්ඩල සාමාජිකයින් 14දෙනාම බලුකිස්තානයේ පදිංචිකරුවන් බව ද සඳහන් වන අතාර, ඔවුන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගුජරාටයේ පොර්බන්ඩර් වෙත රැගෙන විත් ඇති බව පැවසේ.

ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසා ඇත්තේ, මෙම මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාව වෙත ප්‍රවාහනය කරමින් තිබු බව ප්‍රථමයෙන් සැක පළ කළ ද පසුව ඒවා ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කරමින් තිබෙන බවට තොරතුරු අනාවරණය කර ගෙන ඇති බවය.

අහමදාබාද් නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇත්තේ, මෙවැනි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...

ගින්නෙන් උපන් සීතල 2 හදන්න කමල් ඕස්ට්‍රේලියාවට

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

ට්‍රම්ප්ට කකුල් මාට්ටු වැටුණු තැන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉරානයේ රාජ්‍ය විරෝධී විරෝධතා මේ වන විට...