පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඊයේ (28) හක්මනදී තීරණය කරයි !

Date:

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් ඊයේ (28) පැවති සාකච්ඡාවකදී එකඟතාවකට පැමිණ ඇති බව ආරංචිමාර්ග පවසයි.

මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වී ඇත්තේ හක්මන පිහිටි, හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ නිවසේදී ය.

ඊයේ මාතර පැවති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් සහතික පත් ප්‍රදානෝත්සවයෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සහ කතරගම දේවාලයෙහි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා දිවා ආහාරය සඳහා ගාමිණී සෙනරත් මහතාගේ නිවසට ගොස් ඇති අතර මඳ වේලාවකට පසු පොහොට්ටුවේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ දේශපාලනඥයින් පිරිසක් ද එහි පැමිණ ඇත.

ඒ අනුව එහිදී පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඔවුන් කිසියම් තීරණයකට එළඹ ඇති බව සඳහන්.

එම තීරණය මැයි 01 දා පැවැත්වෙන පොහොට්ටුවේ මැයි දින රැළියේදී පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...