පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ඊයේ (28) හක්මනදී තීරණය කරයි !

Date:

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳව එම පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් ඊයේ (28) පැවති සාකච්ඡාවකදී එකඟතාවකට පැමිණ ඇති බව ආරංචිමාර්ග පවසයි.

මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වී ඇත්තේ හක්මන පිහිටි, හිටපු ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ නිවසේදී ය.

ඊයේ මාතර පැවති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් සහතික පත් ප්‍රදානෝත්සවයෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සහ කතරගම දේවාලයෙහි බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා දිවා ආහාරය සඳහා ගාමිණී සෙනරත් මහතාගේ නිවසට ගොස් ඇති අතර මඳ වේලාවකට පසු පොහොට්ටුවේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු ජ්‍යේෂ්ඨ දේශපාලනඥයින් පිරිසක් ද එහි පැමිණ ඇත.

ඒ අනුව එහිදී පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඔවුන් කිසියම් තීරණයකට එළඹ ඇති බව සඳහන්.

එම තීරණය මැයි 01 දා පැවැත්වෙන පොහොට්ටුවේ මැයි දින රැළියේදී පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...