ඇෆ්ගනිස්තාන ‘ඒ’ ට එරෙහි පළමු එක්දින තරගය ශ්‍රී ලංකා ‘ඒ’ ජය ගනියි

Date:

සටහන – නිශ්මං රණසිංහ

අප්‍රේල් 29, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන ඇෆ්ගනිස්තාන ඒ කණ්ඩායමට එරෙහිව හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දි පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 8 ක තියුණු ජයක් අත් වුණේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මතයි.ඇෆ්ගනිස්තානය මේ තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට සමත් වුණා.ඔවුන් එහිදී පළමුව පන්දු රැකීම තෝරා ගත් අතර ශ්‍රී ලංකාව එම අභියෝගයට හොඳින් මුහුණ දෙමින් පන්දු ඕවර් 50 කඩුලු 8 ට ලකුණු 304 ක් ලබා නිමා කරන්නට සමත් වුණා.


ටෙස්ට් තරග සඳහා පමණක් සුදුසුබවට බොහෝ විට තීරණය කරනු ලබන නිශාන් මධුශ්ක මේ තරගයේදි ඉණිම අරඹමින් ලකුණු 72 ක් ලබා ගත්තා.පන්දු 82 ක් තුළ වාර්තා වූ එම ලකුණු ප්‍රමාණය වගේම නිශාන් මධුශ්ක ආරම්භක පිතිකරුවා ලෙස පැමිණ ලහිරු උදාර සමඟ පළමු කඩුල්ලට ලකුණු 43 ක් ද,කමිල් මිශාර සමඟ දෙවන කඩුල්ලට ලකුණු 99 ක ද සබඳතා පවත්වමින් ලකුණු පූවරුව 164 දක්වා පැමිණෙන තෙක් කඩුල්ලේ රැදී සිටියා.


නුවනිදු ප්‍රනාන්දු ලකුණු 142 දී පිටියට පිවිස අටවන කඩුල්ල ලෙස දැවී යන විට ලකුනු පූවරුව 298 ක් ව තිබුණා.ඔහුට හොඳ සබඳතාවයකට සහය ලැබුණේ දුෂාන් හේමන්තගෙන් පමණයි.දුෂාන් සහ නුවනිදු හයවන කඩුල්ලට ලකුණු 51 ක සබඳතාවයක් එකතු කරන්නට සමත් වුණා.නුවනිදු පන්දු 67 ක් තුළ වේගවත් ලකුනු 83 ක් එකතු කරන්නට සමත් වුණා.


ඔවුන්ගේ ආරම්භක පන්දු යවන්නන් වූ බිලාල් සාමී සහ මොහොමඩ් සලීම් පිළිවෙලින් කඩුලු 4 ක් සහ 3 ක් දවා ගැනීමට සමත් වුණා.බිලාල් ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිය ඕවර් 10 තුළ ලකුණු 51 ක් ලබා දුන් අතර සලීම් ලකුණු 63 ක් ලබා දුන්නා.
පිළිතුරු ඉණිම වෙනුවෙන් පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු රියාෂ් හසන් ලකුණු 207 ක් වෙන තෙක් ක්‍රීඩා පිටියේ රැදී සිටිමින් ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය උඳුරා ගන්නට විශාල වෙහෙසක් දැරුවා.ඔහු පන්දු 115 දී ලකුණු 100 ක් ලැබූ අතර දෙවන කඩුල්ලට පන්දු 70 න් ලකුණු 75 ක් ලැබූ ඩ්‍රාවිත් රසූලි සමග එක්ව ලකුණු 163 ක සබඳතාවයක් පවත්වනු ලැබුවා.චාමික කරුණාරත්න අතින් රසූලිත්,සහන් ආරච්චිගේ අතින් රියාෂ් දැවී යාමෙන් අනතුරුව ඇෆ්ගනිස්තානය දෙසට ජයග්‍රහණය හැරී තිබුණ තරගය නැවත විවෘත මට්ටමකට හරවාගෙන පාලනය කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා.


මෑත කාලයේ තේරීම් කමිටුව විශාල විශ්වාසයකින් කටයුතු කරන චාමික ගුණසේකර මෙම තරගයට ද යොදවා තිබුණා.එහෙත් පන්දු ඕවර් 8 ක් තුළ ඔහුගෙන් ඇෆ්ගන් ක්‍රීඩකයින් ලකුණු 77 ක් උඳුරා ගනිද්දී ගුණසේකරට ලබා ගන්නට හැකි වුණේ එක් කඩුල්ලක් පමණයි.ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී වඩාත් හොඳන් ප්‍රතිපල නෙලා ගත්තේ නායක සහන් ආරච්චිගේ යි.ඔහු ලකුණු 41 ට කඩුලු 3 ක් ලබා ගන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...