ඇතැම් පාලකයන් ස්මාර්ට් කියන්නේ මොකද්ද කියලාවත් හරියට තේරුම් අරගෙන නෑ – රවී කුමුදේශ්

Date:

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 29, කොළඹ (LNW): රටේ ශ්‍රම බලකායට ස්මාර්ට් වැඩ්ඩන් වීමට නොහැකි වී ඇත්තේ, පාලකයන්ගේ නූගත්කම නිසා මිස, කම්කරු පනත නිසා නොවන බවත්, කම්කරු අමාත්‍යංශය, රැකී රක්ෂා අමාත්‍යාංශයක් කර, රටේ ශ්‍රම බලකාය ස්මාර්ට් කරනවා කියන අදහසම ස්මාර්ට් නොමැති බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

ඔහු ඒ පිළිබඳ දක්වන්නේ මෙවන් අදහසක්,

” ස්ටයිල් එකක් විදිහට, හැම එකක් ඉස්සරහටම ස්මාර්ට් කෑල්ල දා ගත්තාම, එහෙම නැත්තං ඒඅයි කෑල්ල දා ගත්තාම, මොඩ් වෙනවා කියලා හිතාගෙන ඉන්න ඇතැම් පාළකයන් ස්මාර්ට් කියන්නේ මොකද්ද කියලාවත් හරියට තේරුම් අරගෙන නෑ.

නිශ්චිත නැති, මැනිය නොහැකි, ළඟා කර ගත නොහැකි බව බැලූ බැල්මට පෙනෙන, අදාළ සහ කාල සීමාව කවුරුත්ම දන්නේ නැති, ඔය කියන කම්කරු පනත වෙනස් කිරීමේ ව්‍යාපෘතියම ස්මාර්ට් නැති බව දැනටමත් තහවුරු වෙලා ඉවරයි.

අපේ රටේ ශ්‍රම බලකායට ස්මාර්ට් වෙන්න බැරි වෙලා තියෙන්නේ පාලකයෝ ස්මාර්ට් නැති නිසා. ඔවුන්ට රට වෙණුවෙන් ඉලක්ක නැති නිසා. සල්ලිවලට එහෙ මෙහෙ පැන පැන ඉන්න අයට නිශ්චිත දේශපාළණ ඉලක්කයක් නැති නිසා. කියන දේවල් කරන්න පුළුවන් ඒවාද කියලාවත් මැනලා බලලා නැති නිසා. කයිවාරුවට කියනවා හැර කවදා කොහොම කරනවාද කියලා හිතන්නෙවත් නැති නිසා.

මෙවර කම්කරු දිනයේ සිට අපි අරගලය කරන්න ඕනේත්, පාළකයන්ගේ සහ පාලනයේ නොදැනුවත්කම නිසාත්, පාළකයන්ගේ නාස්තිය, දූෂණය, හොරකම නිසාත් අර්බුධයට ලක් වෙලා තිබෙන රටේ ශ්‍රම බලකාය, ඒකෙන් බේරා ගැනීම සඳහායි.

මෙවර මැයි දිනයේදී, ස්ටැන්ලි ජෑන්ස් පිටියට එකතුවෙන, ඇත්ත වෘත්තීය සමිති සහ සංවිධාන ඒ වෙණුවෙන් අරගල කරන්න සූදානමින් ඉන්නවා


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...