ලංකාවේ මිනිස්සු කොටස් දෙකක් ඉන්නවා… එක කණ්ඩායමක් දේශපාලනයේ දී මත , මතවාද ප්‍රතිපත්ති වලට සහය දෙන අය. මේගොල්ල ට පක්ෂ නැතිව දේශපාලන මත ඒවායේ ප්‍රතිපල තේරුම් ගන්න පුළුවන්. එනිසා පක්ෂ පස්සේ නැතිව මත පස්සේ යනවා.
දෙවැනි කණ්ඩායම දේශපාලනයේ එතරම් දැනුවත් නැහැ. එනිසා ඒගොල්ල තමන්ට විශ්වාස දේශපාලන ප්‍රවාහයක් තෝරාගෙන එහි නායකත්වය, එහි මතය පිලිගන්නවා. දේශපාලනය ඔවුන් අවුට්සෝර්ස් කරලා තියෙන්නේ.
ඔන්න ඔය මුල් කණ්ඩායම පුද්ගල ලෙස හෝ ප්‍රතිපත්තිමය ලෙස අරගලයේ ඉන්නවා (සමහරු ප්‍රතිපත්තිමය ලෙස අරගලයේ නොඉන්නවා). ඒගොල්ල තමයි මේ fb දේශපාලනය කියවන බහුතරය.
දෙවැනි කණ්ඩායම සෑහෙන ලොකු වුනත් ඒගොල්ල කැමති තමන් තෝරාගත් දේශපාලන ප්‍රවාහයේ මතය දරන්න. තමන් යම් හේතු මත තෝරාගත් දේශපාලන ප්‍රවාහය අනුගමනය කරන්න.
අන්න ඒ අයව අරගලයට අරගෙන එන එක තමයි JVP වගේම සජබ ත් පෙලපාලි, රැලි ලෙස කරන්නේ.
ඉතින් අර දෙවැනි කණ්ඩායම තම දේශපාලන නායකත්වය ලෙස තෝරාගත්තු අයගෙන් බලාපොරොත්තු වෙන ගතිලක්ෂණ තියනවා…’ජනතාව සමග දුක් විදීම’, ‘පියකු මෙන් ජනතාව බලා ගැනීම’, ‘උග්‍ර නිහතමානිකම’, ‘පපුවට ගසා ගන්නා නිර්භීතකම’, ‘ආගමික, ජාතික භක්තිය’, ‘සංඛේතාත්මක සමාජවාදය’ වගේ ඒවා…
අර පක්ෂ දෙක තුනත් ඒ වග දන්නවා, එනිසා ඒවායේ නායකයෝ පෙලපාලි, රැලි වල තමන්ව අනුගමනය කරන ජනතාව බලාපොරොත්තු වෙන ඔය නාටක ටිකක් කරනවා, සමහරු වැස්සේ තෙමෙනවා, සමහරු පපුවට ගහ ගන්නවා, සමහරු බිම තියාගෙන කනවා, සමහරු කිලුටුවට අඳිනවා, සමහරු ලොකු වාහන වලින් එනවා….ඒ ඔක්කොම කරන්නේ දේශපාලන මත ගැන විඥානයක් නැතිව තමන් පස්සේ, තමන් ගැන විශ්වාසයෙන් එන ජනතාව චුන් කර තබාගැනීමට.
ඒ හින්දා ඒවාට හිනාවෙන අය භුමියේ යතාර්ථය නොදන්නා අය කියලයි මම හිතන්නේ.
මම වැස්සේ තෙමෙන සජිත්ට වත්, පපුවට ගසා ගන්නා මහින්ද ට වත්, බිම තියං බත් කන හදුන් ට වත්, කැබ් එකේ ඉදන් පාරේ ජනතාවට හිටිවනව දේශපාලනය දෙසු අනුරට වත් හිනා වෙන්නේ නැහැ.
අන්තිමේදී ඔය දේශපාලනිකව දැනුවත්, නොදැනුවත්, උගත්, නුගත් හැමෝටම තියෙන්නේ එක චන්දයයි නේ… ඒ හින්දා ඔය හැමෝගෙම වටිනාකම එකයි. ඒ ඔක්කොමල්ලා වටිනවා.
- ලක්ෂාන් අබේනායක
RN