සජිත් වැස්සේ තෙමීම සහ හඳුන් බිම තියාගෙන කෑම ….

Date:

ලංකාවේ මිනිස්සු කොටස් දෙකක් ඉන්නවා… එක කණ්ඩායමක් දේශපාලනයේ දී මත , මතවාද ප්‍රතිපත්ති වලට සහය දෙන අය. මේගොල්ල ට පක්ෂ නැතිව දේශපාලන මත ඒවායේ ප්‍රතිපල තේරුම් ගන්න පුළුවන්. එනිසා පක්ෂ පස්සේ නැතිව මත පස්සේ යනවා.

දෙවැනි කණ්ඩායම දේශපාලනයේ එතරම් දැනුවත් නැහැ. එනිසා ඒගොල්ල තමන්ට විශ්වාස දේශපාලන ප්‍රවාහයක් තෝරාගෙන එහි නායකත්වය, එහි මතය පිලිගන්නවා. දේශපාලනය ඔවුන් අවුට්සෝර්ස් කරලා තියෙන්නේ.

ඔන්න ඔය මුල් කණ්ඩායම පුද්ගල ලෙස හෝ ප්‍රතිපත්තිමය ලෙස අරගලයේ ඉන්නවා (සමහරු ප්‍රතිපත්තිමය ලෙස අරගලයේ නොඉන්නවා). ඒගොල්ල තමයි මේ fb දේශපාලනය කියවන බහුතරය.

දෙවැනි කණ්ඩායම සෑහෙන ලොකු වුනත් ඒගොල්ල කැමති තමන් තෝරාගත් දේශපාලන ප්‍රවාහයේ මතය දරන්න. තමන් යම් හේතු මත තෝරාගත් දේශපාලන ප්‍රවාහය අනුගමනය කරන්න.

අන්න ඒ අයව අරගලයට අරගෙන එන එක තමයි JVP වගේම සජබ ත් පෙලපාලි, රැලි ලෙස කරන්නේ.

ඉතින් අර දෙවැනි කණ්ඩායම තම දේශපාලන නායකත්වය ලෙස තෝරාගත්තු අයගෙන් බලාපොරොත්තු වෙන ගතිලක්ෂණ තියනවා…’ජනතාව සමග දුක් විදීම’, ‘පියකු මෙන් ජනතාව බලා ගැනීම’, ‘උග්‍ර නිහතමානිකම’, ‘පපුවට ගසා ගන්නා නිර්භීතකම’, ‘ආගමික, ජාතික භක්තිය’, ‘සංඛේතාත්මක සමාජවාදය’ වගේ ඒවා…

අර පක්ෂ දෙක තුනත් ඒ වග දන්නවා, එනිසා ඒවායේ නායකයෝ පෙලපාලි, රැලි වල තමන්ව අනුගමනය කරන ජනතාව බලාපොරොත්තු වෙන ඔය නාටක ටිකක් කරනවා, සමහරු වැස්සේ තෙමෙනවා, සමහරු පපුවට ගහ ගන්නවා, සමහරු බිම තියාගෙන කනවා, සමහරු කිලුටුවට අඳිනවා, සමහරු ලොකු වාහන වලින් එනවා….ඒ ඔක්කොම කරන්නේ දේශපාලන මත ගැන විඥානයක් නැතිව තමන් පස්සේ, තමන් ගැන විශ්වාසයෙන් එන ජනතාව චුන් කර තබාගැනීමට.

ඒ හින්දා ඒවාට හිනාවෙන අය භුමියේ යතාර්ථය නොදන්නා අය කියලයි මම හිතන්නේ.

මම වැස්සේ තෙමෙන සජිත්ට වත්, පපුවට ගසා ගන්නා මහින්ද ට වත්, බිම තියං බත් කන හදුන් ට වත්, කැබ් එකේ ඉදන් පාරේ ජනතාවට හිටිවනව දේශපාලනය දෙසු අනුරට වත් හිනා වෙන්නේ නැහැ.

අන්තිමේදී ඔය දේශපාලනිකව දැනුවත්, නොදැනුවත්, උගත්, නුගත් හැමෝටම තියෙන්නේ එක චන්දයයි නේ… ඒ හින්දා ඔය හැමෝගෙම වටිනාකම එකයි. ඒ ඔක්කොමල්ලා වටිනවා.

  • ලක්ෂාන් අබේනායක

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...