සමාජයම කලකදි රහ කලකදි වහ වන අන්තරය

Date:

දේශපාලන ඉතිහාසය තුළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කතිකාව පිළිබඳ විමසීමේ දී 1977 කාල පරිච්ඡේදය දක්වා ඔවුන්ගේ ක්‍රියා කලාපයන් සහ අතීතය පිළිබඳව වර්තමාන සමාජයේ වැඩිහිටියන් බොහෝමයකට ඇත්තේ අඳුරු මතකයන් පමණි.ශ්‍

රී ලංකාවට නිදහස ලැබුණු පසුව නිදහස් අධ්‍යාපන ක්‍රමය හරහා විශ්වවිද්‍යාල පද්ධතිය ආරම්භ වීම සහ තරුණයා ට දේශපාලන ගමන් මග තුළ ඉඩක් ලැබීම හරහා ආවේගශීලී, හැගීම් වලට ඉතා ඉක්මණින් හසුකරගත හැකි තරුණයා දේශපාලන ගමන තුළ වැරදි මාර්ගයකට හරවා ගැනීමට ජ.වි.පෙ දේශපාලනයට හැකි වූයේ එකල පැවති ආර්ථික සමාජමය පරිවර්තනය හරහාය.

නමුත් සැබැවින්ම සිදුවූයේ විජේවීර ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් තරුණ ජීවිත දහස් ගණනින් 88 89 කාලවලදී බිලි දීම පමණි. මෙම කාලය ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ ඉතා දරුණු සහ අඳුරු මතක ඉතුරු කරනු ලැබූ අවධියකි.වර්තමානය තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ පුරවැසියන් විසින් දියත් කරනු ලැබූ අරගලය හරහා ඔවුන් කියන්නට උත්සහ දරන කාරණය පසෙක දමා අන්තරයේ නැගී සිටීම පෙරමුණ ගෙන ඇත. සැබැවින්ම අන්තර් විශ්විද්‍යාලයයීය ශිෂ්‍ය බල මණ්ඩලය යනු විශ්විද්‍යාලය ශිෂ්‍යයින් පෙරමුණට තබා ගෙන වැළලී ගිය පෙරටුගාමී දේශපාලන තියරියක් මේන්ටේන් කරනුලබන අමු මුලාවකි.

ශ්‍රී ලංකාවේ විශ්ව විශ්වවිද්‍යාල තුළ මුදල් එකතු කිරීම හෙවත් කැට දැමීම යන සංකල්පය හරහා දහස් ගණනින් මුදල් එකතු කිරීමටත් එමගින් පක්ෂ දේශපාලනය පවත්වා ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමත් සිදුවනවා හැර අන් දෙයක් නොවේ.අන්තරේ සමාජයට දැන් දැන් සමීප වී ඇත්තේ පවතින අර්බුදය ජනතාවටත් අන්තරේටත් පොදු ප්‍රශ්නයක් නිසාය.

අන්තරේට පොදු වූ අතීත බොහෝ ගැටලු සමජායට පොදු වූයේ නැත. මේ වනවිටත් විරුද්ධ පක්ෂවල පවතින ශිෂ්‍යබල මණ්ඩල හරහා අන්තරේට හේත්තු වී මේ තටමන්නේද නැවත අඳුරු අතීත මතක වර්තමානයේ දිග හැරීමට නොවේදැයි අප නැවතී සිතා බැලිය යුතුය.

ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් මහින්ද සහ ලොහාන් …

බීබීසියේ සරෝජ් පතිරණ මම ලොහාන් රත්වත්තේ ගැන ලියපු පෝස්ට්...

නියෝජ්‍ය ඇමතිලාට විශ්වාසභංග දැම්මාට වැඩක් නෑ, මන්ත්‍රී කෙනෙකුට දැම්මා වගේ තමා – ඇමති වසන්ත

ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විපක්ෂය විශ්වාසභංග...

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...