අරගලකරුවන්ට රජයෙන් තවත් සහායක් …

මැයි මස 02 වනදා ද රජයේ නිවාඩු දිනයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මෙය නිවේදනය කර ඇත.

ඒ අනුව මැයි 03 වනදාත් රාමසාන් උත්සවය වෙනුවෙන් නිවාඩු දිනයක් ඇති බැවින් දින හතරක දීර්ඝ සතිඅන්ත නිවාඩුවක් ජනතාවට ලැබී ඇති බව පෙනේ.

මීට පෙර අලුත් අවුරුදු සතියේ ද රජය මේ ආකාරයෙන් අමතර නිවාඩු දින දෙකක් ප්‍රකාශයට පත් කළ අතර එම සතියම ගෝල්ෆේස් අරගලභූමිය ජනතාවගෙන් පිරී ගියේය.

එහෙයින් මෙවර දීර්ඝ සති අන්තයත් මහජන විරෝධතාවලින් සපිරුණු එකක් වනු ඇත.

RN