පරණ විදිහට වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා.ජාතික අවශ්‍යතාව සලකා වැඩ කරන්න – ඖෂධ සැපයුම්කරුවන්ට ඇමතිගෙන් රතු එළි!(VIDEO)

Date:

කොළඹ LNW:ඖෂධ සපයුම්කරුන්ව නිසි පරිදි එම කාර්ය නොකරන්නේ නම් රජය ලෙස මැදිහත් වී අදාළ රටවලින් ඖෂධ මිලදී ගැනීමට උත්සහ කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ අද (29) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

විටින් විට මතුවන ඖෂධ හිඟයට විසඳුමක් ලෙස රජය ලෙස ඉදිරියේදී මාස තුනක ඖෂධ සංචිතයක් පවත්වා ගෙන් යාමට කටයුතු කරන බවත් ඒ අනුව සැපයුම්කරුවන්ට තමන්ට වුවමනා ආකාරයට වෙළෙඳපොළ පාලනය කිරීමට අවස්ථාවක් නොලැබෙන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

මෙහිදී තමන් ඖෂධ සැපයුම්කරුවන් වෙත පවසන්නේ පැරණි ක්‍රමයට වැඩ නොකර ජාතික අවශ්‍යතාවක් සලකා හැකි උපරිමයෙන් සැපයුම කරන ලෙස යැයි අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

එලෙස කටයුතු නොකරන සැපයුම්කරුවන් සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචියේදී ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

කෙසේවෙතත් රටවල් රටවල අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඖෂධ ලබාගැනීමට මැදිහත්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේර අතර ඖෂධ හිඟය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළකිරීමේදී සැලකිලිමත් වන ලෙස අමාත්‍යවරයා මෙහිදී මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේය.

ඖෂධ හිඟය සම්බධයෙන් ලබාදෙන පුවත්වල ඇත්තේ අවංකව ඖෂධ ගෙන්වා ගැනීමේ වුවමනාවක් නොව හදිසි මිලදී ගැනීම් සඳහා මතයක් සාදා වැඩි මිලට ඖෂධ ගෙන්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස බවද අමාත්‍යවරයා පැහැදිලි කළ අතර එහෙයින් එම පුවත් ලබාදෙන පුද්ගලයින් ගැන මෙන්ම ඔවුන්ගේ වුවමනාව ගැන හොඳින් කල්පනා කර බලන ලෙසයි නලින්ද ජයතිස්ස මහතා කියාසිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...