ජනපතිගේ නිවසට ගිනිතැබීම – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සැකකරුවකු ලෙස නම්කෙරේ

Date:

2022 ජුලි 09 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට කිසියම් පිරිසක් විසින් ගිනිතැබීමේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. ශ්‍රී රංගා සැකකරුවකු ලෙස නම්කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව ඊයේ (28) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව මැයි 03 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

2011 වසරේදී වව්නියාව ප්‍රදේශයේ මාරක රිය අනතුරක් සිදුකිරීමේ නඩුවෙහි සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත ජේ. ශ්‍රී රංගා මේ වනවිටත් රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එප්ස්ටයින්ගේ නව ජයාරූප අතර ට්‍රම්ප්, ඇන්ඩෲ සහ බිල් ක්ලින්ටන් පෙනී සිටියි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අපකීර්තියට...

රුසියාව යුක්රේනයේ බලශක්ති පද්ධතියකට පහර දේ; නිවාස මිලියන ගණනකට විදුලිය අහිමි වේ

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයේ...

ඉන්දීය පකිස්තාන තරගයේදී අවම මිල ගණන් වෙනස් වෙයි.

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ...

ආපදා සහන වැඩසටහනක් පන්විල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් සෘජු බලපෑමට...