Galle Literary Festival

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය අරමුණු කර ගනිමින් , වසර කිහිපයක් නොපැවැත්වුණු, ජාත්‍යන්තර කීර්තියට පත් සාහිත්‍ය උළෙලක් වන ගාලු සාහිත්‍ය උළෙල (Galle Literary Festival) යළි උත්කර්ෂවත්ව පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති අතර එයට විවිධ කලා අංගයන්ගෙන් සමන්විත වැඩසටහන් මාලාවක් ගාල්ල, මාතර, අහංගම හා හික්කඩුව යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වූ අතර , එම වැඩසටහන් මාලාව 2024 ජනවාරි මාසයේ දී පැවැත්වීමට මෙහිදී තීරණය කෙරිණි.

ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී ඇත්තේ නව කලා මාධ්‍යයන් (Modern Art), සංගීතය, විලාසිතා දැක්ම, පොත් ප්‍රදර්ශන, සැණකෙළි ඇතුළු විවිධ කලා අංගයන්ගෙන් සමන්විතව මෙම වැඩසටහන් මාලාව සංවිධානය කෙරෙන අතර ශ්‍රී ලාංකීය අනන්‍යතාව සහ අභිමානය ලොවට ප්‍රදර්ශනය කෙරෙන අන්දමින් සියලු කටයුතු සංවිධානය කිරීමේ වැදගත්කමයි.

මෙම වැඩසටහන මුල් කරගනිමින් සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත් විවිධ කලා අංග ඇතුළත් වැඩසටහන් රැසක් එළි දැක්වීමට ද නියමිතව ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ , සංචාරක කර්මාන්තය යළි නඟාසිටුවීම රජයේ ප්‍රමුඛ අපේක්ෂාවක් වන අතර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා සියලු පාර්ශ්වයන්ගේ සහාය අත්‍යවශ්‍ය බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැලවත්තෙන් බලය ඉවත්කර යළි පාර්ලිමේන්තුවට බලය ලබාගත යුතුයි – අර්බුදයෙන් ගොඩ එන හැටි රනිල් පියවරෙන් පියවර කියයි

පාර්ලිමේන්තුව නොතකා ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත මූලස්ථානය විසින් රාජ්‍ය...

දකුණු කොරියානු ජනාධිපති උතුරු කොරියානු ජනාධිපතිවරයාගෙන් සමාව අයදින ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 05: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

“කුබෝටාකරණයේ” මීළඟ අදියර : හේලීස් ඇග්‍රිකල්චර් වෙතින් මෙරට ගොවිබිම් සඳහා අලුත්ම යන්ත්‍ර තුනක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සැපයුම්කරු වන හේලීස් ඇග්‍රිකල්චර්...

කොස්ගම පාසලක් අසල වෙඩිතැබීමක්. පුද්ගලයකු තුවාල ලබා රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල කොස්ගම, බොරළුගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසලදී ඊයේ...