Tuesday, May 30, 2023
spot_img

Latest Posts

සජබෙටත් කොන්දක් නැති බව පෙන්නුවා – අන්තිමට වුණේ IMF විවාදයත් රටට බරක් වුණ එක විතරයි (VIDEO)

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට ක්‍රියාත්මක වැඩසටහනට අදාළ ගිවිසුම සම්බන්ධයෙන් දින තුනක් පුරා පැවති විවාදයද අවසන් වූයේ ජනතාවට බරක් වීමෙන් බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති මහතා අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

එම විවාදයේදී ගිවිසුමට අදාළව ක්‍රියාත්මක වැඩසටහන් සිදුවන්නේ කෙසේද? ඉලක්ක මොනවාද යන්න ඇතුළු කිසිවක් පිළිබද පැහැදිලි නොවනු බවයි හදුන්නෙත්ති මහතා කියා සිටියේ.

ප්‍රධාන විපක්ෂය ලෙස සමඟි ජන බලවේගයද අවසානයේදී මඟහැර ගිය අතර සභාවෙන් ඉවතට ගොස් ඊට පක්ෂ වූ බව ප්‍රකාශ කළේ යැයිද හෙතෙම සඳහන් කළේය.

මෙම අත්සන කරන ලද ගිවිසුම අනුමත නොවුනද නැති වුනද එය ක්‍රියාත්මක කරන අතර එම නාමමාත්‍රික ගිවිසුමට විරුද්ධ වීමට හෝ විපක්ෂ නායකට හෝ සමඟි ජන බලවේගයට කොන්දක් නොතිබුණු බවයි හදුන්නෙත්ති මහතා පැවසුවේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.