හොරා කෑ ධනය නැවත ලබාගැනීමේ ජනකාන්තවාදය ….

Date:

ඇත්තෙන්ම හොරු අල්ලන ප්‍රවාදය යනු ආර්ථික දේශපාලන සාක්ෂරතාවය පහල මට්ටම්වල පවතින පොදුජන මනසට දෙන මැතිවරණ ප්‍රමෝදයක් හෙවත් ජනකාන්ත මිත්‍යාවකි..

රාජපක්ෂලා හොරා කෑ ධනය ලබාගැනීමේ ගමේ ගොඩේ ජනකාන්ත ක්‍රමවේදය නම් ගමේ කෙසෙල් කැන් හොරු අල්ලන පිලිවෙතයි ..එනම් හොරු අල්ලා පොලීසියට ගෙන ගොස් හෝ ගම්මු එකතුවී හොරාට ගුටි දෙකක් ඇන හොරබඩු සැඟවූ තැන් හොරාගේ කටින්ම දැන ගෙන හොර බඩු අල්ලන කෝපි කාලේ පිලිවෙතයි.. ඒ සිල්ලර පිලිවෙත රාජ්‍යතාන්ත්‍රික හා ජාත්‍යන්තර ජාවාරම් වලට වලංගුවේද….?

එසේම ගමේ පරන හොරු මෙන් රාජපක්ෂලා ඔවුන්ගේ අයතා ධනය මෝඩ විදියට මැදමුලන වත්තේ කොන්වල සඟවා හෝ මහජන බැංකුවේ තැන්පත්කර හෝ තිබිය හැකිද…?

මෙතෙක් ඉතිහාසයේ ඇතැම් රටවල්වල රට අභ්‍යන්තරයේ පවතින ව්‍යවස්තාවන් පවා වෙනස් කර රාජ්‍යපාලනය හෙබවූ ජාවාරම් කාරයන් ඇල්ලීමට ගිය අවස්තාවල ඒවා සාර්තක වී නැත..

සාර්තකවූවා නම් ඒ ලැබූ ධනය හොරු ඇල්ලීමට දැරූ පිරිවැයටත් වඩා අඩු ප්‍රමාණයකි..

හොරු ඇල්ලීමට ව්‍යවස්තාව වෙනස් කල විට ඒවා ජාත්‍යන්තර නීතියට අනුව වැටෙන්නෙ දේශපාලන පලිගැනීම් ගනයටය, එහිදී මූණ දීමටවන ගැඨළුව අතිශය බරපතලය..

එසේම පාලකයන්ගේ සොරකම දූෂණය යනු සමාජ පසුගාමීත්වයේම ඵලයකි.. එය දකුණු ආසියානු, ලතින් ඇමරිකානු, අප්‍රිකානු රටවල කලාපීය ගැටලුවකි…. රාජපක්ෂලා ගලේගසා මේ ගැටළුව විසඳිය නොහැකිය ..

ග්‍රාම්‍ය ජන මනසට ආතල් දෙන මේ හොරු අල්ලා හොරා කෑ ධනය ආපසු ගෙන රට සශ්‍රීක කරන ජනකාන්ත මිත්‍යාව කුළුගැන්වීම නිසා ග්‍රාම්‍ය ජනමනස ප්‍රකෝපගැන්වී පලිගන්නා අන්තයකට තල්ලුවී යාහැකිය.. මෙහිදී රටේ දේශපාලන බලය මාරුවෙන මොහොතක මේ ප්‍රචාර නිසා මිනිසුන් පාලනයෙන් තොරව ප්‍රචන්ඩ හා පලිගන්නා අන්තයන්ට ඇදී යාහැකිය… පසුගිය අරගල මොහොතේ මීරිගමදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රචණ්ඩ මොබ් එකකට හසුව ඝාතනය වී අඩ නිරුවතින් බිම දිගේ ඇදගෙන ගිය ම්ලේච්ඡ සිදුවීම මෙයට හොඳම උදාහරණයයි..

මේ හොරු අල්ලන දේශපාලන කැම්පේන් එක මුල සිටම කලේ මාළිමාවයි.. සජිත් යනු ඕනෑම ජනප්‍රියවාදයකට ඔහේ ගොඩවෙන හිස් අවතාරයකි…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයට ආයෙ කඳුකර දමිළ ජනතාවත් එක්ක දේශපාලනයක් කරන්න බෑ – මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට මින්...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනාට මරණ දඬුවම ?

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ හිටපු...

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...