*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

අද සිට රට තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්

සටහන – රෂිකා හෙන්නායක

අප්‍රේල් 30, කොළඹ (LNW): අද (30) සිට මැයි දිනය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

කොළඹ නගරය ඇතුළු මැයි රැළි සහ පෙළපාලි  පැවැත්වෙන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවත්, වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේය. ලෝක කම්කරු දිනය සැමරීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට සංවිධාන කටයුතු ආරම්භ කර ඇති අතර, මෙවර මැයි දින පෙළපාලි හා රැළි කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත බව තොරතුරු වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගණයේදී වන අතර ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.පවතින කාලගුණ තත්ත්වය මත මෙවර මැයි දින පෙළපාලියක් නොපවත්වන බව ,එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතා පැවසුවේය.

සමගි ජන බලවේගයේ මැයි දින රැළිය මෙවර පැවැත්වෙන්නේ කොටුව චැතැම් වීදියේදී වන අතර, සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ, කොළඹ ගුණසිංහපුර ක්‍රිඩාංගණයේ පෙළපාලියකින් චැතැම් වීදිය දක්වා පැමිණෙන බවත්, තවත් මැයි දින රැළියක් තලවාකැලේදී පැවැත්වෙන බවද පැවසේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි රැළිය මෙවර පැවැත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදී වන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ..

රට හදන විසඳුමට, ජන බලය එක පෙළට තේමා කර ගනිමින් ජාතික ජන බලවේගයේ මැයි දින රැළි දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වීමට බලාපොරොත්තු වන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි,

කොළඹ මැයි පෙළපාලිය සවස 2.00ට බී. ආර්.සී ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන අතර රැළිය සවස 3.30ට සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මාවතේදී පැවැත්වීමට නියමිතයි. යාපනයේ මැයි රැළිය උදේ 10ට තන්දෙයි සෙල්වා රඟහලේදී පැවැත්වීමට නියමිතව තිබේ.ජාතික ජනබලවේගයේ මාතර මැයි පෙළපාලිය සවස 2.00ට රාහුල හන්දියෙන් ආරම්භ වී සවස 3.30 ට මාතර වෙරළ උද්‍යානයේදී රැළිය පැවැත්වීමට නියමිතයි.අනුරාධපුර මැයි පෙළපාලිය සවස 2.00 ට වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩා පිටියෙන් ආරම්භ වන අතර මැයි රැළිය සවස 3.30ට අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව ජාතික ජනබලවේගය සඳහන් කරයි.

කොළඹ නගරයේ මැයි දින පෙළපාලි සහ රැළිවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 6000ක් යොද වන බවත්, තවත් 4000ක පොලිස් නිලධාරීන් පිරිසක් අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂාවට යොදවනු ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

අවශ්‍ය වුවහොත් හමුදාවේ සහාය ලබා ගන්නා බවත්, අවසරයකික් තොරව මැයි රැළි ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ අතර, එලෙස ඩ්‍රෝන යානා භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා පූර්ව අවසරයක් ලබාගතයුතු බවද පැවසීය.

මෙම නීතිය දිවයින පුරා පැවැත්වෙන සියලුම මැයි රැළි සඳහා අදාළ වනු ඇති.කොළඹ නගරයේ මැයි දින පෙළපාලි හා රැළි 14ක් පැවැත්වීමට නියමිත අතර, දිවයින පුරා සංවිධානය කර ඇති මැයි දින පෙළපාලි හා රැළි ගණන 40ක් බව සඳහන් වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan