*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

බදුල්ල කරඳගොල්ල නායයෑම් අවදානම් තත්ත්වය ආරක්‍ෂක රාජ්‍ය ඇමතිගේ විශේෂ අවධානයට!

කොළඹ LNW:බදුල්ල දිස්ත්‍රික්කයේ කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල – වැල්ලවාය මාර්ගය ආසන්නයේ පසුගිය අප්‍රේල් 21 වන දින ඇති වූ නායයෑම් පූර්ව ලක්ෂණ තත්ත්වය පිලිබඳ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ විශේෂ අවධානයට ලක් වූ අතර, එම ස්ථානය පරීක්ෂා කර කඩිනමින් සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදාළ බලධාරින් වෙත උපදෙස් ලබා දී තිබේ.

එම උපදෙස් අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ සහ විද්‍යාඥයින් පිරිසකගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායමක් එම ප්‍රදේශය ආශ්‍රිතව පවතින භුමි අස්ථාවරත්වය අධ්‍යයනය කිරීමේ සහ ඇති විය හැකි අවදානම්/හානි අවම කර ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් නුදුරේදී ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට නියමිතයි.

තවද‍, මේ හේතුවෙන් ඇති විය හැකි හානි වලක්වා ගැනීමට සහ අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ සහ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කටයුතු කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan