ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට සහ ජනපතිට අතුරුතහනම් නියෝගයක්!

Date:

අද (30) දින අගවිනිසුරු ධුරය හැර ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිසුරු ධුර සඳහා නම් නිර්දේශ කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.

එම අතුරු නියෝගයට අනුකූලව කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙහිදී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව වෙත තවත් නියෝගයක් නිකුත් කරනු ලැබුවේය.

වත්මන් අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාව ගනු ලැබූ තීරණය තුලින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු වන බී.පී. එම්.එස්. පතිරත්න විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් එස්.තුරෙයි රාජා, ඒ.එච්.එම්.ඩී.නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව එම අතුරු නියෝග නිකුත් කළහ.

අදාල අතුරු නියෝග මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් බල පැවැත්වෙන බවත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නිකුත් කරනු ලැබූ නියෝගයේ සඳහන් විය.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 4 වනදා පැවැත්වීමට ද විනිසුරු මඩුල්ල දින නියම කළහ.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරය සඳහා නම් කරමින් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ඇතැම් සාමාජිකයින් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි චෝදනා කළේය. තමා කිසිදු අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ බලය අභියෝගයට ලක් නොකරන බවත් අධිකරණයේ ස්වාධීනත්වය හා විනිසුරුවරුන් ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් තම සේවාදායකයා මෙම පෙත්සම ඉදිරිපත් කළ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙහිදී විනිසුරු එස්. තුරෙයි රාජා ප්‍රශ්නයක් මතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වන ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ගනු ලබන තීරණ කිසිදු ආකාරයකින් අභියෝගයට ලක් කළ නොහැකි බව පෙන්වා දුන්නේය. ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා සඳහන් කළේ මූලික අයිතිවාසිකම් යටතේ එම තීරණය අභියෝගයට ලක් කිරීමට නීතිමය අවකාශ පවතින බවයි..

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ඇතැම් සාමාජිකයින් අසා දැනගත් තොරතුරු මත පදනම් අදාළ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කර ඇති බවත් එය අනුමත කළ නොහැකි බවත් සඳහන් කළාය. දේවගැති ජෙරොම් ප්‍රනාන්දු පිළිබඳ නඩුවකදී නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ලිඛිත දේශනයක අන්තර්ගත කරුණු පදනම් කරගෙන අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යස්ථාදායක සභාවේ ඇතැම් සමාජිකයින් කටයුතු කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරිය පෙන්වා දුන්නේය.

එහෙත් එම ලිඛිත දේශනය තුළින් අධිකරණ ක්‍රියා පටිපාටිය අවභාවිතාවට ලක් කල බවට චෝදනා එල්ල කර තිබුණේ එම නඩුවේ පෙත්සම්කරුට බවත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා අධිකරණ ක්‍රියාවලිය අවභාවිතාවට ලක් කර ඇති බවට කිසිදු චෝදනාවක් ඒ තුළ එල්ල කර නොමැති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළාය.

අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රශ්නගත කරුණ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ගනු ලැබූ තීරණය නිවැරදි බව සඳහන් කර සිටියේය. එම සභාවේ තීරණ අභියෝගයට ලක් කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥ සුමන්තිරන් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...