ධනුක තවමත් උපවාසයේ

Date:

අරලියගහ මන්දිරය ඉදිරිපිට,ආණ්ඩුවට එරෙහි ජනතාව විසින් විරෝධය දැක්වීම පිණිස සකස් කර තිබෙන මයිනාගෝගම විරෝධතා භූමියේ රජයට ඉල්ලා අස්වන ලෙස බල කරමින් උපවාසයක යෙදෙන ධනුක දිසානායක පැය 70 ක කාලයක් ඉක්මවා තවමත් අඛණ්ඩව උපවාසයේ යෙදෙමින් ඇත.

ගිරිඋල්ලේ පදිංචිකරුවෙක් වෙන ධනුක,අරගලයට බාධාවන ලෙස පොලීසිය යෙද වූ බස් රථයක්ම සහයට ගනිමින්,සිය කූඩාරම තනාගෙන මෙම උපවාසය ක්‍රියාත්මක කරයි.

දියවැඩියා රෝග ලක්ෂණ ඇති ධනුක ඊයෙ හවස වෛද්‍යවරුන්ගේ පරික්ෂාවට ලක් විය.රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ද වෛද්‍යවරු ධනුකගේ අවධානය යොමු කළත් ඔහු අඛණ්ඩව සිය උපවාසය ඉදිරියට කරගෙන යාමට තීරණය කර ඇත.එසේම අරලියගහ මන්දිරය ප්‍රතිචාර ලෙස මෙම අරගලභූමියට බාධාවන ලෙස අඛණ්ඩව පිරිත් ප්‍රචාරය සිදු කරමින් සිටියි.දින ගණනාවක් තිස්සේ මහජන මුදලින් විදුලි බිල ගෙවා නඩත්තු කරන අරලියගහ මන්දිරය මේ ආකාරයට විදුලිය වැය කරමින් පිරිත් දේශනාව ප්‍රචාරය කරමින් සිටියි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 320 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු පකිස්ථානය පුරා...

ආණ්ඩුවේ බොරු එළියට ගන්න මන්ත්‍රීවරු 300කට පවරලා!

කොළඹ LNW: ආණ්ඩුවේ බොරු එළියට ගෙන සමාජගත කිරීම සඳහා...

මලල ක්‍රීඩා නිලවරණය කල්දැමීම ගැන සහ සමස්ත ක්‍රීඩාවේ ගමන ගැන…

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: මලල ක්‍රීඩා සංගමය වෙනස් කිරීමේ...

අල්ලස් කොමිසමෙන් නඩු වැටෙන පළමු මාලිමා ඇමති – ඉංජිනේරු කුමාර ජයකොඩි

ජාතික ජන බලවේගයේ අමාත්‍යවරයෙකු එරෙහිව අල්ලස් නඩුවක්. 2015 වසරේ පොහොර...