වෙඩිල්ල 6 – කවි කෝලම: නන්දේ හොයා දීපන් බුදු ඥානක්කේ

Date:

ඥානක්කේ කෝ මේ ජෝකර නළුවා
ලගින සියලු ගුබ්බෑයම්වල බැලුවා
ඇඟේ පෙරෝගෙන සීතම්බර සළුවා
ඩෙඟා නටන උඹෙ හුරතල් පොඩි කොලුවා

හෙව්වා අනේ වැඳ වැඳ අටමස්ථානේ
හෝටලෙ හදන තැන බැලුවා ඔහෙ නෑනේ
පැම්පස් ගෙනාවා ලොරියක් අපෙ ගානෙ
හොයා දියන් අක්කේ අපෙ නන්නානේ

වැඩම කරන විරුවා රණවිරු නයිද
රටම හොයනවා අක්කේ කෝ කොයි ද
වටම ගිහිල්ලා අපහු ගෙට එයි ද
රසම පොඩි රෝස් දුන්නත් නයි කයි ද

මයිනා උගන්ඩාවෙන්මයි තේ බොන්නේ
කපුටා ප්ලේන් පැත්තටමයි පාවෙන්නේ
බෙරවා පයට පිටිකර ඔසු පේ වෙන්නේ
විරුවා දකිනතුරු හිත නෑ වාවන්නේ

බංකර හදාගෙන අඳුරෙම නිදනවද
අන්තර පැටව් දැක හීනෙන් ගැහෙනවද
පිංබර රංකඳට මදුරුවො විදිනවද
මන්තර ලඳුනි අනෙ විස්තර කියනවද

නින්දේ නපුරු හීනෙං විතරයි දැක්කේ
ඡන්දේ බිජුව උඹ මිස කවුරුදු රැක්කේ
දුන්දේ පමණි මතුවට පිං විය හැක්කේ
නන්දේ හොයා දීපන් බුදු ඥානක්කේ

–      කෞ ද බෝයි

වෙඩිල්ල 5 – කවි කෝලම: කවුන්සිලේ දුටු රූ ඔබෙ නොවෙද්දෝ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

78 වැනි ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනපති අනුර නිකුත් කළ පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අභියෝග මධ්‍යයේ සාමුහිකව මෙන්ම, අධිෂ්ඨානශීලිව අදුෂිත...

ශිරන්ති රාජපක්ෂ FCIDයට කැඳවීම ගැන පොහොට්ටුවෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...