සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩා මැතිවරණ ප්‍රතිඵල වලට අනුව, ආසන 169ක් ලබා ගනු ලැබූ ලිබරල් පක්ෂය නායක මාක් කාර්නි යටතේ නව රජයක් ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කර ඇත.
කානිගේ ලිබරල් පක්ෂය ඉදිරියෙන් සිටින නමුත් බහුතරය සඳහා 172 ක් අවශ්‍ය වනු ඇත. කොන්සර්වේටිව් පක්ෂය දෙවන විශාලතම පක්ෂය ලෙස විපක්ෂයේ රැඳී සිටින අතර මැතිවරණයෙන් ආසන 144 ලබා තිබේ.

කැනේඩියානු නව අගමැති මාර්ක් කාර්නිගේ මහ මැතිවරණයෙන් ලැබූ ජයග්‍රහණයට සුබ පැතීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඔහුට දුරකතනයෙක් කතා කර නුදුරේදීම හමුවීමට එකඟ වී ඇති අතර මෙත් සමඟ දෙරට අතර නව ආර්ථික හා ආරක්ෂක සම්බන්ධතාවයක් පිළිබඳ සාකච්ඡා ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කැනඩාවේ අගමැති සහ ලිබරල් පක්ෂ නායකයා ලෙස ජස්ටින් ටෲඩෝගෙන් අනතුරුව පසුගිය මාර්තු මාසයේ පක්ෂ නායකත්වය භාරගනු ලැබූ මාර්ක් කාර්නිගේ මැදිහත්වීම මාස කිහිපයකට පෙර බිඳවැටීමට ආසන්නව තිබූ පක්ෂයකට ඓතිහාසික හැරීමක් සනිටුහන් කර ඇත.

මාර්ක් ජෝසප් කාර්නි ඕසී 1965 මාර්තු 16වන දින උපත ලද කැනේඩියානු ආර්ථික විද්‍යාඥයෙකු සහ දේශපාලනඥයෙකු වේ. ඔහු 1988 දී හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත් අතර, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ගිය අතර, එහිදී ඔහු 1993 දී ශාස්ත්‍රපති උපාධියක් සහ 1995 දී ආචාර්ය උපාධියක් ලබා ගෙන ඇත.
2008 වසරේ සිට 2013 දක්වා කැනඩා මහා බැංකුවේ අධිපතිවරයා ලෙසත් 2013 සිට 2020 දක්වා එංගලන්ත බැංකුවේ 120 වන අධිපතිවරයා වශයෙන්ද සේවය කර ඇත. ඉන් අනතුරුව COVID-19 වසංගතය අතරතුර කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝගේ උපදේශකයෙකු ලෙස ද කාර්නි කටයුතු කළ අතර ලිබරල් පක්ෂයේ ආර්ථික වර්ධන කාර්ය සාධක බලකායේ සභාපති ධුරයට පත් කරන ලදී.