මෙතෙක් පැමිණි විශාලතම බහාලුම් නෞකාව MSC MARIELLA කොළඹ වරායට!

Date:

කොළඹ LNW:ලොව අති විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකාවක් ලෙස ප්‍රකට MSC MARIELLA නෞකාව 2025.04.28 වන දින කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය (ECT) වෙත පැමිණි බව ප්‍රවාහන, මහමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

බටහිර අප්‍රිකාවේ ලයිබීරියාවට අයත් MSC MARIELLA නෞකාව මීටර් 399.90 ක දිගින් යුතු වන අතර, පළල මීටර් 61.30 කි. ටොන් 240,737 ක බරැති බහාලුම් ප්‍රමාණයක් දරාගත හැකි මෙම සුවිශාල නෞකාව 2023 වසරේදී නිෂ්පාදනය කරන ලද්දකි.

මෙම නෞකාවෙන් නැගෙනහිර බහාලුම් පර්යන්තයට බහාලුම් 1,600 ක ප්‍රමාණයක් පැටවීම සහ බෑම සිදුකරන බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂ ගණක හේමචන්ද්‍ර මහතා පැවසීය.

MSC MARIELLA නෞකාවේ පැමිණීම ශ්‍රී ලංකාවේ නාවුක ක්‍ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවත්, එය ජාත්‍යන්තර නාවුකr ක්‍ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ නාමය වඩාත් ඉහළින් ඔසවා තැබීමට හේතුවන බවත් ගණක හේමචන්ද්‍ර මහතා වැඩි දුරට සඳහන් කළේ ය.

වත්මන් ආණ්ඩුවේ අභිප්‍රාය වන, කොළඹ වරාය දකුණු ආසියාවේ නාවික කේන්ද්‍රස්ථානය(Maritime hub) බවට පත්කිරීමේ සිහිනය සැබෑ වෙන බවට මේ අතිවිශාල නෞකාවේ පැමිණීම ඉඟියක් බවයි අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වවුනියාව විශ්වවිද්‍යාලයේ Technology Incubation Centre විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ විද්‍යා...

මානසික පීඩාවන්ගෙන් පෙළෙන වැඩිහිටියෙකු බිහිවන්නේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වැඩිහිටි...

2025 ආසියා බර්ලින් සමුළුවේදී ශ්‍රී ලාංකික නවෝත්පාදනයන් විශ්මයට පත් කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : 2025 ආසියා බර්ලින්...