රාජකීය යුවල ආදරයේ සංවත්සරය සැමරීමට Mull දූපතට යයි!

Date:

සටහන – පුලී
අප්‍රේල් 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
 ස්කොට්ලන්තයේ Mull දූපතට ගිය නිල සංචාරයක් අතරතුර 14 වන විවාහ සංවත්සරය සමරමින් වේල්ස් කුමරු සහ කුමරිය නව ඡායාරූප ප්‍රමාණයක් සමාජ මාධ්‍ය තුළ දක්නට ලැබිණි.

ප්‍රධාන ඡායාරූපයේ දැක්වෙන්නේ යුවළ එකිනෙකා වටා දෑත් බැඳගෙන දර්ශනීය දූපත් දර්ශනය අත්විඳින ආකාරයයි.

රාජකීය යුවළගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර ඇති මෙම ඡායාරූපය සටහනක් සමඟින් උඩුගත කර ඇති බව දක්නට ලැබීය

“Mull දූපතට නැවත පැමිණීම ගැන පුදුම සහගත හැඟීමක් ඇත,”
“මෙතරම් උණුසුම් පිළිගැනීමක් ලබාදුන් සැමට ස්තූතියි.” එහි සඳහන් විය.

රාජකීය යුවල දින දෙකක් පුරා එම දිවයිනේ සංචාරය කරන අතර, ඔවුන්ගේ රාජකීය පදනම ප්‍රතිසංස්කරණය කිරීමට සහාය වන ප්‍රජා ශාලා නැරඹීමට ද නියමිතය.

2011 අප්‍රේල් 29 වන දින වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී විවාහ වූ මේ යුවල 14 වසරක් මෙලෙස සපුරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර වෙනුවෙන් ජනපති අනුරගේ සුබපැතුම් පණිවිඩය

සටහන - රුවන් නෙළුගොල්ල අප අභිමුව පවතින අභියෝග නිවැරදිව අවබෝධ...

වේගයට මඟ පෙන්වන්න මාලිංගට කෙටි කාලීන පත්විමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,...

චනිත්මා හඬින් පමණක් නොවන වැඩෙනුත් හැඬ පෙන්වයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 31, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ ස්කෝෂ්...

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...