ඉදිරි පැය 24-36ක කාලය තුළ ඉන්දීය හමුදා ප්‍රහාරයක් සම්බන්ධයෙන් පකිස්ථාන රජය අනතුරු අඟවයි.

Date:

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉදිරී පැය 24-36ක කාලය ඇතුලත ඉන්දීය හමුදා ප්‍රහාරයක් එල්ල විය හැකි බවට පකිස්ථාන බුද්ධි අංශ වෙත විශ්වසනීය තොරතුරු ඇති බව පාකිස්ථාන තොරතුරු සහ විකාශන අමාත්‍යවරයා වන අතාවුල්ලා තාරාර් ප්‍රකාශ කර තිබේ.

මෙම ප්‍රකාශය සනාථ කිරීම සඳහා අමාත්‍යවරයා කිසිදු නිශ්චිත තොරතුරක් ලබා නොදුන් අතර, මේ සම්බන්ධයෙන් ඔහු සිය ‘X’ සමාජ මාධ්‍ය වේදිකාවේ සඳහන් කර තිබුණේ, ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවකට තීරණාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇත. කලාපයේ සිදුවන ඕනෑම බරපතල ප්‍රතිවිපාක සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවයි.

මෙම චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය රජය වහාම ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොමැති අතර පකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා මුහම්මද් අසිෆ් රොයිටර් වෙත සඳහන් කර තිබුණේ, ඉන්දීය හමුදා ආක්‍රමණයක් සඳහා ආසන්න බවත්, පාකිස්තානයේ පැවැත්මට සෘජු තර්ජනයක් තිබේ නම් පමණක් එහි න්‍යෂ්ටික අවි භාවිතා කරනු ඇති බවත්ය.

පසුගිය අප්‍රේල් මස 23 වන දින ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ පහල්ගම් දේශීය සංචාරකයන් 26 දෙනෙකුට මරු කැඳවමින් සිදු වූ මාරාන්තික වෙඩි තැබීමෙන් අනතුරුව ඉන්දියාව හා පාකිස්ථානය අතර ආතතීන් උත්සන්න වීමත් සමඟ මෙම තත්වය පැනනැගී තිබේ.

ප්‍රහාරයෙන් පසු, අසල්වැසියන් එකිනෙකාට එරෙහිව රාජ්‍ය තාන්ත්‍රික පියවර රැසක් මුදා හැර ඇති අතර, වීසා අවලංගු කිරීම් සහ ඉන්දියානු ගුවන් සේවා සඳහා පාකිස්තාන ගුවන් අවකාශය වසා දැමීම ඇතුළුව ඉන්දියාව ඉන්දු ගංගාවෙන් සහ එහි අතු ගංගාවලින් දෙරට අතර ජලය බෙදා ගැනීම නියාමනය කරන ඉන්දු ජල ගිවිසුමට සහභාගී වීම ද අත්හිටුවා තිබේ.

මෙම පියවර පාකිස්තානයේ විරෝධතා ඇති කළ අතර, නවදිල්ලියේ තීරණය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බව පකිස්ථාන රජය පවසා තිබේ.

කෙසේ නමුත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වගකිවයුතු විසඳුමක් කරා යන ලෙස ඉල්ලා ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් සමඟ කතා කළ බවත් ඛේදජනක ප්‍රතිවිපාකවලට හේතු විය හැකි ගැටුමක් වළක්වා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කළ බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජගත්ගේ මුදල් බලය දණගැස්වූ වටගල න්‍යාය

සමගි ජන බලවේගය වැඩි මන්ත්‍රී සංඛ්‍යාවක් දිනාගෙන සිටි පාලින්දනුවර...

නැවත සොයාගත යුතුව ඇත ….

''පින්තූරයේ සිටින අපේ තාත්තා දුටුවොත් පහත අංකයට දැනුම් දෙන්න....

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දේශපාලන පාපන්දුවක් කරගෙන රවටන්න එපා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල අප රටේ ආර්ථික වර්ධනයට නිෂ්පාදන හා...

වැසි තත්වයේ යළි වෙනසක් – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 26) දිනයේදී බස්නාහිර, සබරගමුව...