රනිල් යළි ජනපති වීම ලබන අප්‍රේල්වලට කල්යයි!

Date:

කොළඹ LNW:ලබන සිංහල අවුරුද්ද වෙන විට 159ක් මන්ත්‍රී ආණ්ඩුවක් නොමැති බව සිහිතබා ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ති වජිර අබේවර්ධන මහතා පවසයි.

”මට අපේ නායකතුමා ළඟ ඉඳලා පළපුරුද්දත් අත්දැකීම සහ ඒක අනුව මට එකක් කියන්න පුළුවන්ගො. මට නම් පේන්නේ ලබන සිංහල අවුරුද්ද වෙනකොට ලංකාවේ එහෙම ආණ්ඩුවක් නැති බව සිහිතබා ගත යුතුයි කියල මතක් කරන්න කැමතියි. ගොඩක් අමාරුයි. සෙල්ලම් කරන්න එපා. කිව්වට තේරෙන්නේ නැහැ. ඉතුරු ටික ආර්ථිකය පැත්තෙන් අපේ ජනාධිපතිතුමා කියයි. අපි ඒක දිහා බලන් ඉඳල මට තේරෙනවා ලබන සිංහල අවුරුද්දට එහෙම 159ක ආණ්ඩුවක් නැති බව ශ්‍රී ලාංකික මහජනතාව මතක තබා ගත යුතුයි කියල මතක් කරන්න කැමතියි. අපේ හැම අපේක්ෂකයෙකුටම අපේක්ෂිකාවකටම වටින දෙයක් තියෙනවා. මොකක්ද ඒ? මුළු ලෝකයම පිළිගත් ලෝකයේම රාජ්‍ය නායකයෝ සලකන රාජ්‍ය නායකයා තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකයා කියල ඔබ මතක තබා ගත යුතුයි. ඔබට වෙන මුකුත් අලෙවි කරන්න ඕනේ නැහැ. ඔබට ගිහින් ගමේ කියන්න පුළුවන්, මේ අපේ නායකයා රනිල්.ඔහෙලට බඩගිනි වුණහම කන්න දෙන්න පුළුවන් මට. ඒ කියන්නේ ඔබට. වෙන කාටවත් බෑ. බලන්නකෝ ජාතියක අවාසනාව ල්ප්කයම පිළිගන්න නායකයා ශ්‍රී ලාංකික මහජනතාව සැරිසරන හැටි. කල්පනා කරලා බලන්න.”

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙම අදහස් දක්වා සිටියේ පළාත් පාලන මැතිවරණයට අදාළව ගාල්ලේදී පැවති ජන හමුවක් අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියි තමා. නමුත් හදිසි වුණාට අපි අතපුච්චා ගන්නේ නෑ – මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය 

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් වශයෙන් ...

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව අධිචෝදනා

රෂිකා හෙන්නායක ජූනි 26, කොළඹ LNW : හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය...

ගෝට් ඔස්ට්‍රේලියානු මීටර් 200 නව වාර්තාවත් සමඟ ඔස්ට්‍රාවා ජය ගනියි

නිශ්මං රණසිංහ ජුනි 26, කොළඹ LNW: ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ...