ෆවුසිට එරෙහිව සමගි ජන බලවේගයෙන් විනය පරීක්ෂණයක් !

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාට එරෙහිව විනය පියවර ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

ඒ, පක්ෂයේ තීරණයට පටහැණිව යමින් IMF ගිවිසුම පිළිබඳ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය භාවිතා කිරීම හේතුවෙනි.

සජබ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

“ෆවුසි මැතිතුමා කළේ කිසිසේත්ම නොකළ යුතු කාරණයක්. මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා අයින් වුණාට පස්සේ ෆවුසි මැතිතුමා පක්ෂ නායකයාත් මුණගැහිලා, අපිවත් මුණගැහිලා පක්ෂයත් එක්ක එකට වැඩකරන්න පොරොන්දුවක් වුණා එතුමා. ඉතින් බොහොම වැරදි ක්‍රියාවක්, පාක්ෂිකයින් පාවාදීමක් එතුමා කරලා තියෙන්නෙ. අපි පක්ෂයක් විදියට තීරණය කළා එතුමා සම්බන්ධව විනය පරීක්ෂණයක් තියලා එතුමාව පක්ෂයෙන් ඉවත් කරන්න අවශ්‍ය පියවර ගන්න”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

විශාලම ජයග්‍රහණය මහනුවරින් – සටන්කාමීම පරාජය ගුවන් හමුදාවෙන්

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: මැලිබන් කුසලානය වෙනුවෙන් පවත්වන...

” අසභ්‍යකරණය ” හා “වාචාලකරණය “

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කටට...