අපනයන වැඩි කළ යුතුයි. ගමන ලේසි නෑ – ආර්ථිකය ගැන රවීගෙන් ප්‍රකාශයක් (VIDEO)

Date:

රටේ ආර්ථිකය වැටී ඇති තත්වය අනුව ඉන් පිටතට පැමිණීම සඳහා හැකිතාක් අපනයන පුළුල් කළයුතු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

“මේ රටේ ආර්ථිකය, ණය තත්වය වැටිලා තියෙන තැන බැලුවාම එළියට එන්න ලේසිම ක්‍රමය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ගිවිසුම්ගත වීම. ඒකෙන් අංග සම්පූර්ණ විසඳුමක් නැතිවුණත් හරි මාර්ගයට දාලා මූල්‍ය විනයක් එක්ක ගමන් කිරීම තමයි අපට අවශ්‍ය වන්නේ. ඒක තමයි අපට කටයුතු කරගෙන යන්න තියෙන්නේ. ලේසි ගමනක් නෙවෙයි, කැපවෙන්න අවශ්‍යයයි. හැබැයි ඊට වැඩිය මහන්සියෙන් වැඩකරන එක තමයි අවශ්‍ය වෙන්නේ. අපි හැමදෙනාම කැපවෙන්න ඕනේ. අද ජනතාව තුළ විශ්වාසයක් ඇතිවෙන්න ඕනේ. පාලන තලයේ ඉන්න දේශපාලනඥයොත් හරි මාර්ගයේ යනවා කියලා දැනගන්න අවශ්‍යයයි. අද 30% කට ණය අරන් ජනතාව කන රටක් බවට පත්වෙලා තියෙන්නෙ. ඒ විතරක් නෙවෙයි හැමදේම ආනයනය කළත් අපි අපනයනය පුළුල් කරගත්තේ නෑ. අපි පුළුවන් තරම් අපනයනය කරන්න අවශ්‍යයයි. අද රජයේ සේවකයින් මොනවද කරන්නෙ ? බිලියන් 1400ක් වියදම් කරලා අපට ලැබෙන ප්‍රතිලාභය පේන්න තියෙනවාද, නැද්ද ? ඒක නිසා අපි පුළුවන් තරම් අපනයනය කරලා අපේ මේ ගෙවුම් ශේෂ හිඟය අපනයන තුළින් පියවාගත යුතුයි කියන මතයේ තමයි අපි සියලු දෙනාම සිටින්නේ. අපි එදා මේවා කිව්වා. එවෙලේ කියද්දී අමිහිරි වුණත් අද එය යතාර්ථය වෙලා තියෙන්නෙ”

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (29) දිනයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද වනවිට රාජ්‍ය සේවය දේශපාලනීකරණය කිරීමට ජනාධිපතිතුමා විශාල උත්සාහයක් දරන බව පේනවා – මුජිබර්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගය මැතිවරණයට පෙර පැවසූ...

දිනපු කෙනෙක් නැහැ-පැරදුන කෙනෙකුත් නැහැ

නිශ්මං රණසිංහ ජනවාරි 25, කොළඹ LNW චැම්පියන් ලීග් ජාතික පාපන්දු...

වැසි තත්වයේ වෙනසක් – අද (25) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 25) දිනයේදී උතුරු, උතුරු-මැද,...

පැරදුණත් ලංකාව ඉස්සෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...