මැයි රැළිවලට එන ඔබ දඩ නොකා වාහන නතර කරන්නේ මෙහෙමයි! (VIDEO)

Date:

කොළඹ LNW:මැයි දින පෙළපාලි සහ රැළි සඳහා පැමිණෙන වාහන නතර කිරීමට අවශ්‍ය රථ ගාල් වෙන්කර තිබෙන හෙයින් මාර්ග සහ පදික වේදිකා අවහිර වන ලෙස නතර කළ හොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය අවධාරණය කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කරන්නේ නොසැලකිලිමත් ලෙස කටයුතු නොකර සෙසු වාහන හා ජනතාව අපහසුතාවට පත්නොවන ලෙස කටයුතු කරන ලෙසයි.

රැළි සංවිධානය කරන සංවිධායකවරුන් ද ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස තල්දූව මහතා ඉල්ලාසිටියි.

යම්කිසි ලෙසකින් මාර්ගය බරපතල ලෙස අවහිර කළහොත් එම වාහනය ඇදගෙන යාමට සිදුවන බවත් ඊට යන මුදල පවා ගෙවීමට සිදුවනවා මෙන්ම නීතියද ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පොලීසිය විසින් අවශ්‍ය පහසුකම් සපයා ඇති හෙයින් එවැනි අපහසුතාවන්ට පත්නොවී ක්‍රියාකරන ලෙසයි ඔහු වැඩිදුරටත් උපදෙස් දෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන...

LPL දිග ඇරෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: හයවන ලංකා ප්‍රිමියර් ලීග්...

ආපදාවේදී ක්‍රියාත්මක වෙන්න රාජ්‍ය නිලධාරීන්ට නාමල්ගෙන් උපදෙස්

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පවතින ආපදා තත්ත්වය හමුවේ රාජ්‍ය නිලධාරීන් ලෙස...

මේස පන්දු ලෝක සූරතාවලියට සිංහයා නැතත් සිංහ කෙල්ලෙක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 02, කොළඹ LNW: චීනයේ වෙන්ග්ඩු හී මේ...