එකම සුදුස්සා රනිල් – ප්‍රසන්න රණවීරගේ සහායත් රනිල්ට

Date:

මෙරට ජනාධිපති ධුරය සඳහා දැනට සිටින එකම සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහතා බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහතා ආවොත් ඔබතුමා මොකද කරන්නෙ ?

“පූර්ණ සහයෝගය ලබාදෙනවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා එනවාට කැමැත්තෙන් ඉන්නෙ ?

“අනිවාර්යයෙන්ම. පහුගිය කාලෙ තිබ්බ අර්බුද රාශියක් විසඳලා අද සාමාන්‍ය තත්වයට අපේ රට පත්කරලා තියෙනවා. ඉතින් ඒ මනුස්සයා දක්ෂ විදියට පසුගිය වසර දෙකක කාලය තුළ මේ ආර්ථිකය කළමනාකරණය කළා. අපට ඕනෙ දක්ෂ විදියට මේ ආර්ථිකය කළමනාකරණය කරලා ඉදිරියේදී රටට යමක් කරන නායකයෙක්”

ප්‍රශ්නය – රනිල් වික්‍රමසිංහ මහත්තයාද මේකට සුදුසුයි කියලා ඔබතුමා කියන්නෙ ?

“මට පේන්නෙ දැනට එකම සුදුස්සා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා”

ප්‍රසන්න රණවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (30) ගම්පහ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙන ඒමට නියමිත නව පනතක් ගැන ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පැවසූ දේ…

රෂිකා හෙන්නායක ජනවාරි 19 , කොළඹ LNW : ත්‍රස්තවාදය වැළැක්වීමේ...

පකිස්තානය ඉදිරියේ ශ්‍රී ලංකාවට ෆුට්සාල් පරාජයක්

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ...

අගමැති හරිනි ස්විස්ටර්ලන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි...

කිසිවෙකුට කිසිවකින් දෙවැනි නොවුණු සාරංග LANKA RIDE කිරුළු පළදයි

නිශ්මං රණසිංහ ජනවාරි 19, කොළඹ LNW: වර්ෂ 2011 දී මාතරින්...