*
Tuesday, May 21, 2024
spot_img

Latest Posts

පිල්මාරු එක්ක රටේ දේශපාලනය තවත් ව්‍යාකූල වෙයි – රනිල්-සජිත් එක්කරන්න නැවත උත්සහයක් – ශ්‍රීලනිප අවුලෙන් සිහින බොඳ කරගත්තු අය – රථ ගාය නිසා යලිත් පෝලිම්? අනධ්‍යන කාර්ය මණ්ඩලවල අසාධාරණ ඉල්ලීම් – සහන වල රහස

  • පිල්මාරු එක්ක රටේ දේශපාලනය තවත් ව්‍යාකූල වෙයි
  • රනිල් – සජිත් එක්කරන්න නැවත උත්සහයක්
  • ශ්‍රීලනිප අවුලෙන් සිහින බොඳ කරගත්තු අය
  • රථ ගාය නිසා යලිත් පෝලිම්?
  • අනධ්‍යන කාර්ය මණ්ඩලවල අසාධාරණ ඉල්ලීම් – සහන වල රහස

ජනිත සෙනෙවිරත්න (නිව් යෝර්ක් නුවර සිට)

නිව් යෝර්ක්, එක්සත් ජනපදය (LNW): මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ හෙට දවසේ සිදුවන්නේ කුමක්දැයි නිසි වැටහීමක් කිසිවෙකුට හෝ නමැති තරමට තත්වය ව්‍යාකූල වෙමින් පවතී.

ජනාධිපතිවරණය ලංවෙමින් පවතිද්දී කවුරුන් කාට සහයෝගය දෙන්නේ දැයි කිව නොහැකි තරමට තත්වය ව්‍යාකූලය. බොහෝදෙනා සියල්ලෝම සමඟ සාකච්ඡා පවත්වමින් සිටින්නේ කවර පාර්ශවයක් සමඟ ඉදිරියට යා හැකිදැයි තවමත් කිවනොහැකි තරමට තත්වය ව්‍යාකූල නිසාය. ජනාධිපතිවරයා ගේ කැමැත්ත මුලින් ජනාධිපතිවරණයකට යාමය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැමැත්ත ඉක්මන් මහා මැතිවරණයකි. එක්සත් ජාතික පක්ෂයේ අදහස මුලින් ජනාධිපතිවරණයකට යාමය. සමගි ජන බලවේගය පවසන්නේ ඕනෑම මැතිවරණයකට සූදානම් බවය. ජාතික ජන බලවේගයේ කැමැත්ත මුලින් ජනාධිපතිවරණයකි.

පාක්ෂිකයන්ගේ බලාපොරොත්තුව

මේ අතරේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ කැමැත්ත රනිල්-සජිත් එක්වීමකටය. අද සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය ලෙස බෙදී වෙන්ව තිබුන ද මේ පක්ෂ දෙකේම බහුතරය එක්සත් ජාතික පක්ෂය සමඟ තම දේශපාලනය ආරම්භකළ අය වෙති. කෙසේ වෙතත් මේ පක්ෂ දෙක එක්වන්නේ නම් ඒ සඳහා දෙපාර්ශවයෙන්ම යම් යම් කැපකිරීම්කළ යුතුව තිබේ. නොඑසේනම් එහි වාසිය ලැබෙන්නේ වෙනත් පාර්ශව වලටය. මේ නිසා මේ පාර්ශව දෙක එක කිරීම සඳහා දෙපාර්ශවයේම යේම පිරිස් දිවා රෑ මේවනවිටත් වෙහෙසෙමින් සිටිති.

ශ්‍රීලනිප අවුලෙන් සිහින බොඳ කරගත්තු අය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයිතිය පිලිබඳ සටන දැන් තිබෙන්නේ අධිකරණය හමුවේය. මේ නිසා යම් කාලයක් යනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීම පහසු නොවනු ඇත. එම නිසා යම් ලෙසකින් හදිසි මහා මැතිවරණයක් පැවැත්වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත එන්නට සිටි පොහොට්ටුවේ ඇතැම් මැති ඇමතිවරු පිරිසට සිදුවන්නේ දිගටම එහි රැඳෙන්නටය.

සහන වල රහස

අස්වැසුම, ඉන්ධන මිල අඩු කිරීම්, විදුලි බිල අඩු කිරීම, ඉඩම් බෙදාදීම හා නිවාස අයිතිය ලබා දීම, EPF පොලිය වැඩි කිරීම ආදී කාරණා රැසකින් පෙනී යන්නේ කිසියම් හෝ හදිසි මැතිවරණයක පෙරනිමිතිය. තවත් මාස හයකින් පැවැත්වෙන ජනාධිපතිවරණයකට මේ තරම් කාලයකට පෙර සහන ලබා දී එයින් වාසියක් හෝ රැල්ලක් ලබා ගැනීම අසීරුය. ජනාධිපතිවරයා සමඟ එක්වන පොහොට්ටු ඇමතිවරු හා පොහොට්ටුවේ පක්ෂ රඳවා ගනිමින් පුළුල් සන්ධානයක් සෑදීම හෝ පොහොට්ටුව සමඟ එක්ව ගමන් කිරීම හෝ සිදුවන්නට ඇති ඉඩකඩ ද බැහැරකළ නොහැක.

පිල්මාරු රැසක්

රනිල්-සජිත් එක්නොවුව ද සජබයෙන් කොටසක් රනිල්ට එකතුවීමත්, ආණ්ඩුවෙන් කොටසක් සජිත් වෙත එකතුවීමත් ඉදිරි සති කිහිපයතුළ සිදුවීමට ඉඩකඩ බොහෝය. මෙරට තානාපති කාර්යාල ද මෙරට දේශපාලනය සම්බන්ධ මැදිහත්වීම් දැඩි කර ඇත. එය ද තීරණාත්මක සාධකයක් වනු ඇත්තේ සුළු ජාතික ඡන්ද ප්‍රතිශතය වන සියයට තිස් එකට ඍජු බලපෑමක් මෙරට ඇතැම් තානාපති කාර්යාලවලට කළ හැකි නිසාය. එම සියයට තිස් එකෙන් සියයට විසිපහක් දිනාගත හැකි පුද්ගලයාට ජනාධිපතිවරණ ජයග්‍රහණයට අවශ්‍ය වන්නේ සිංහල ජනතාවගෙන් සියයට විසි පහක පමණ ඡන්ද ප්‍රතිශතයකි. මේ අතර ඉරාන ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය, පලස්තීන – ඊශ්‍රායල ප්‍රශ්නයේ දී ශ්‍රී ලංකාවේ හැසිරීම, උතුරේ ආගමික කටයුතු සඳහා ලබා දෙන දායකත්වයන් මේ වන විට සුළු ජාතික ඡන්ද වලට තීරණාත්මක ලෙස බලපෑම් කරන්නට පටන්ගෙන තිබේ.

කදිනල්තුමාගේ ස්ථාවරය

කතෝලික ඡන්ද මෙවර තීරණාත්මකය. පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ ඉල්ලන කාදිනල් තුමන්ට ඇතැම් පාර්ශව වාචිකව ප්‍රහාර එල්ල කර තිබිණි.

එහෙත් කිසිඳු පක්‍ෂයකට ඡන්දය ප්‍රකාශ කරන ලෙස තමන් කිසි දිනක කිසිවකුගෙන් ඉල්ලා නොමැති බවත් එක්තරා දේශපාලන පක්‍ෂයකට ඡන්දය දෙන ලෙස තමන් ඉල්ලීමක් කළේයැයි පාර්ලිමේන්තුවේ දී පැවැති විවාදයක දී කළ ප්‍රකාශ සහමුලින්ම ප්‍රලාපයක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

‘පාස්කු දින’ ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කිරීමේ දී මානව හිමිකම් කඩකළ සහ ‘පාස්කු දින’ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය සහ සාධාරණය ඉෂ්ට නොකළ පක්‍ෂවලට ඡන්දය නොදෙන ලෙස පමණක් ප්‍රකාශ කළ බවත් ‘පාස්කු දින’ ප්‍රහාරයේ සත්‍ය පිළිබඳව විමර්ශන කරන්නේ යැයි සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය පමණක් මේ දක්වා වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත් එම නිවේදනයෙන් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කර ඇත.

වෙනත් දේශපාලන පක්‍ෂ ද එවැනි වැඩ සටහන් ඉදිරිපත් කළ හැකි මෙන්ම පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ, විනිවිද පෙනෙන පරීක්‍ෂණයක් කරන ලෙස එම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ද පවසන කොළඹ අගරදගුරුතුමා එවැනි විසඳුමක් දෙන ඕනෑම පක්‍ෂයකට කැමැති අයුරින් ඡන්දය ප්‍රකාශ කිරීමට සියලුම පුරවැසියන් දිරිමත් කරන බව ද පවසා ඇත.

කම්කරු දිනය ඉහළින්

ලෝක කම්කරු දිනය සමරමින් ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ මෙවර මැයි දිනය උත්කර්ෂවත් අයුරින් සැමරීම සඳහා සූදානම් වෙයි.

ඉදිරියේ එන ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ සඳහා ජන බලය පෙන්වීමට මැයි දිනය ඉතා හොඳ අවස්ථාවක් වන හෙයින් එකිනෙකාට නොදෙවෙනි අයුරින් මැයි දින සැමරුම් පැවැත්වීමට දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටී.

රට පුරාම මැයි රැළි 40ක් පැවැත්වෙන අතර කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් මැයි රැලි 14ක් පමණ පැවැත්වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය කොළඹ මාලිගාවත්ත පොලිසිය අසල මාර්ගයේ දී පැවැත්වෙන අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයේ මැයි දින රැළිය කොළඹ චැතම් වීදියේ දී පැවැත්වේ.

ජාතික ජන බලවේගය මෙවර මැයි දින රැළි හතරක් පවත්වන අතර එහි නායක අනුර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් කොළඹ කන්නන්ගර මාවතේ දී ජාජබ කොළඹ මැයි රැලිය පැවැත්වේ. මාතර,අනුරාධපුර සහ යාපනයේ දී ජාතික ජන බලවේගයේ සෙසු මැයි රැලි පැවැත්වීමට නියමිතය. ස්වීඩනයේ සංචාරයක යෙදුනු අනුර කුමාර දිසානායක මේ සඳහා කඩිනමින් ශ්‍රී ලංකාවට පැමිණියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර එක්සත් සමාජවාදී පක්ෂය ග්‍රෑන්ඩ්පාස් හිදී මැයි රැලිය පවත්වයි.

මෙවර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි රැළිය පැවැත්වෙන්නේ කොළඹ හයිඩ් පිටියේ දීය. ස්වාධීන ඒකාබද්ධ වෘත්තීය සමිති කොළඹ විහාර මහා දේවී උද්‍යානය ආශ්‍රිත භූමියේ දී මැයි රැලිය පවත්වයි.

මැයි දිනයට දින කීපයකට පෙරම බොහෝ දේශපාලන පක්ෂ මාර්ග හරස් කොට දැවැන්ත වේදික ඉදිකරන අයුරු දැකගන්නට හැකි අතර ඇතැම් දේශපාලන පක්ෂ ලක්ෂයකට ආසන්න සෙනඟක් කොළඹට ගෙන්වන බවට දැනටමත් නිවේදනය කර ඇත.

මේ අතර දිගම්බරම්ලා වතුකරයේ මැයි රැලි පැවැත්වීම හා සමගි ජන බලවේගයේ මැයි රැලියට ඔවුන් සම්බන්ධවන ආකාරය සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර කිසියම් දරුණු අදහස් හුවමාරුවක් සිදුව තිබේ.

රටේ ඇති ප්‍රධාන ප්‍රශ්නය විධායක ජනාධිපති ක්‍රමය නොව ආර්ථිකය බව රනිල් කියයි

වර්තමානයේ රට හමුවේ ඇති ප්‍රශ්නය විය යුත්තේ විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න නොව රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ ක්‍රමවේදය බවත්, වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

එම ගමනේදී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බවත්, මෙරට ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව විසින්ම තීරණය කළ යුතු බවත් එම අවස්ථාව කිසිවෙකුටත් අතපසු කළ නොහැකි බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති වාර්ෂික සමුළුවකට එක්වෙමිනි.

බාල සහල් ගැන සජිත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

රජය අප්‍රේල් මාසයේ සිට සහල් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. අපි ඒ වැඩසටහන අගය කරනවා. නමුත් තෝරා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව බරපතළ ගැටලු තියනවා. ප්‍රමිතියෙන් තොර සහල් බෙදාදීම් සමහර තැන්වල සිදුවෙනවා. හාලිඇල ප්‍රදේශයෙන් එහෙම සිද්ධියක් වාර්තා වුණා. ඒක හෙළි කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වැඩ කරන රජිත කීර්ති තෙන්නකෝන්. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලනවා. බෙදා දෙන හාල්වල ප්‍රමිතිය පවත්වාගෙන යා යුතුයි. මොකද මේවා දෙන්නේ අපේ රටේ ජනතාවට. හොයලා බලලා කටයුතු කරන්න, සජිත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රට ගැන හිතන්නැයි අනුර ස්වීඩනයේ ශ්‍රී ලාංකිකයන්ට කියයි

විදේශවල සිටිය ද ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී ලංකාව පිළිබඳ අවධානයෙන් සිට අපේ රටට සහ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කළ යුතු බවත් ඔබත් ඔබේ දරුවනුත් යම් පහසු ජීවිත ගත කළත් ලංකාවේ සිටින ඔබේ ඥාතීන්, හිතවතුන්, අසල්වැසියන් විශාල ඛේදවාචකයකට මුහුණ දී සිටින බවත් ජාතික ජන ජන බලවේගයෙන් නායක අනුර කුමාර දිසානායක ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදී පැවැති ජන රැළියක් අමතමින් පැවසීය.

ඔබ අපේක්ෂා කරන පරිවර්තනය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමට දේශපාලනය වෙනස් විය යුතු බැවින් අපේ රට මුහුණ දී තිබෙන මේ ඛේදවාචකය ස්වභාවික ව්‍යසනයක් නොව මෙය මුළුමනින්ම අපේ රටේ දේශපාලක කණ්ඩායම් ඇති කළ ව්‍යසනයක් බව කී දිසානායක කවුරු කැමති වුණත් අකමැති වුණත් මෙය වෙනස් කළ හැක්කේ ද දේශපාලන වෙනස් කිරීමකින් පමණක් බවත් කීය.

වාහන සිහිනය නිසා පෝලිම් යුගයට යන්න වෙයිද?

රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය තවමත් අවසන් නැත. මේ නිසා රටේ ඇති ඩොලර් වලට වාහන ගෙන්වුවහොත් සමස්ත ජනතාවටම යලිත් සිදුවන්නේ පෝලිම්වල ලගින්නටය. මේ නිසා වාහන ගෙන්වීම මේ මොහොතේ කළයුතු දෙයක් නොවේ. අවශ්‍ය නම් පොදු ප්‍රවාහන සේවා සඳහා වාහන ගෙන්වීමට පමණක් අවසර දිය යුතුය. වාහන ආනයනකරුවෝ දේශපාලනඥයන් හා ඉහළ නිලධාරීන් පසුපස යමින් වාහන ගෙන්වීම යලි ආරම්භ කරන්නට සියලුදේ කරති. මාධ්‍ය හරහා ද හඬ නගන්නේ මොවුන්ය. මේ තත්වය වගකිවයුත්තන් තේරුම් ගත යුතුය. සීමා නොමැතිව වාහන ගෙන්වීම නිසා රටේ මාර්ගවලට ඔරොත්තු නොදෙන අන්දමේ වාහන ප්‍රමාණයක් රටතුළ තිබේ. මේ මොහොතේ අවශ්‍යතාවය රටේ ජනතාව ජීවත් කරවීමය. කළ යුතුව ඇත්තේ වාහන අමතර කොටස් බදු අඩුකර , සහන මිලට ජනතාවට ලබාදීම ය. එවිට දැනට ඇති වාහන නිසි ලෙස නඩත්තු කරන්නට අවස්ථාව ලැබේ.

වාහන යලිගෙන්වීම යනු ඉන්ධන සඳහා වැය වන මුදලත් අමතර කොටස් සඳහා වැය වන මුදලත් තවත් වැඩිවීම ය. අනෙක් අතට යම් ලෙසකින් ගෙන්වන්නට අවශ්‍ය නම් ගෙන්විය යුත්තේ 800 cc හෝ 1000 cc වාහන පමණි. සුඛෝපභෝගී වාහන ගෙන්වීම කිසි ලෙසකින්වත් නොකළ යුතුය.

මන්ත්‍රීවරුන්ට වාහන ඉල්ලලා

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඇමතිවරු බොහෝ පිරිසක් තීරු බදු රහිත සහන මිල ගෙන්වා වාහන ගෙන්වීමට අවසර ලබාදෙන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇතිබව කතානායක කාර්යාලය පවසයි.

ඒ අනුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කරන ලද ලිපියක් කතානායකවරයා වෙත බාර දී තිබේ.

එම ඉල්ලීම කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

වසර 10කින් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීමට අවසර ලබා දී නොමැත.
වසර 12කට වඩා පැරණි වාහන බොහෝ පිරිසක් භාවිත කරන බව පැවසේ. මන්ත්‍රීවරුන්ට වුවද 1000 cc වාහන ගෙන්වීමට පමණක් ඉඩදිය යුතුය. මේ මොහොතේ රට ඇතිවී ඇති තත්වය තේරුම් නොගතහොත් මහජන කෝපය තවදුරටත් දේශපාලනඥයන් වෙත එල්ලවීම වැළක්විය නොහැක. ඉන්ධන පිරිමැසුම ඇති වාහන මන්ත්‍රීවරුන්ට ද ලබාදීමත් වාහන පර්මිට් විකිණීම වැලක්වීමටත් නව පියවර ගත යුතුව තිබේ. පාර්ලිමේන්තුව ලබා දෙන එවැනි ආදර්ශයන් රටේ සියලුම දෙනා අනුගමනය කරනු ඇත.

රජයේ සේවක වාහන ඉල්ලුම

රජයේ ඉහළ සේවකයන් වෙත තීරු බදු සහන වාහන ලබාදීම කොතෙක් දුරට රටට ගැලපෙන්නේ ද යන්න යලිත් සමාලෝචනයකළ යුතුව තිබේ. මෙය දියුණු රටවල හෝ ක්‍රියාත්මක නොවන ක්‍රමවේදයකි. ඉහළම වැටුප් හා වරප්‍රසාද ලබන ඉහළම රජයේ සේවකයන්ට තමන් ලබන වැටුපෙන් වාහන මිල දී ගත හැක. එම නිසා මේ පර්මිට් ලබා දිය යුත්තේ වැටුප් හා දීමනාවල එකතුව රුපියල් ලක්ෂයකට හෝ එක්ලක්ෂ විසිපන්දහසකට වඩා වැඩි නොවන රජයේ සේවකයන්ටය. එය ද 800 cc හෝ 1000 cc වාහන පමණි. තමන් ලබන වැටුපෙන් වහනයක් මිල දී ගත නොහැක්කේ එවැනි රජයේ යලි ආර්ථික වශයෙන් ගොඩ ගැනීම කළ නොහැක. සේවකයන්ට පමණි. එසේම ලබා දෙන පර්මිට් කවර අකාරයකින් හෝ විකිණීම වැලැක්වීම සඳහා දැඩි නීති සකස් කළ යුතුව තිබේ. මෙතෙක් තමන්ට ලැබුණු වාහන පර්මිට් විකුණා ඇති රජයේ සේවකයන්ගෙන් රජයට අහිමිවූ බදු මුදල අය කර ගන්නට නව නීතිරීති ගෙන ආ යුතුය. මෙවැනි ක්‍රමවේද නොමැතිව ශ්‍රී ලංකාව ට වර්තමාන ආර්ථික අගාධයෙන් ගොඩ ඒම සිහිනයක් වන අතරම ඇති නැති පරතරය තවදුරටත් පුළුල්වී නිදහසේ ජීවත්විය නොහැකි රටක් බවට පත්වනු ඇත.

රට විරුවන්ගේ වාහන පර්මිට් වලින් පිල්ලි ගහලා

විවිධ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු අනාවරණය වීම හේතුවෙන් විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කාලය දිගු කිරීමේ ගැසට් පත්‍රයට අනුමැතිය නොදීමට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත.

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළේ කිසිඳු විනිවිද භාවයක් නැතැයි එම කාරක සභාවට පෙනී යාමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

පසුගිය කාලයේ මෙරට සිට මුදල් උන්ඩියල් කර බැංකු හරහා මෙරටට නැවත ගෙන්වාගෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ නමට වාහන ගෙන්වීම සිදුකළ බවට බරපතල චෝදනා නැගිණි. මේවා වහාම සොයා බැලීම සිදු කර මෙයින් රටට අහිවූ බදු මුදල් නැවත අයකර ගැනීම කළ යුතුය. එසේ නැතහොත් අදාළ වාහන රාජසන්තකකළ යුතුය. අඩුම තරමින් එවැනි වැරදි යලි නොකරන්නට හෝ එවැනි වාහන යලි මිල දී නොගන්නට එවිට ජනතාව නොපෙළඹනු ඇත.

අනධ්‍යන නමට මුවාවී වැටුප් වැඩිකර ගන්න සටනේ

රාජ්‍ය විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

විශ්ව විද්‍යාලවල රෙජිස්ටාර් වරුන්ගේ සිට ලිපිකරු , රියදුරු , කම්කරු ආදී සියලු ශ්‍රේණි අයත්වන්නේ මේ අනධ්‍යන කාර්ය මණ්ඩල වලටය. රජයේ සාමාන්‍ය උපාධිධරියකුගේ දීමනා හා වැටුප්වල එකතුව රුපියල් පනස්දහසක් පමණ වේ. රජයේ සාමාන්‍ය ලිපිකරුවෙකුගේ දීමනා සහිත වැටුප රුපියල් හතලිස් දහසක් පමණවේ. සාමාන්‍ය රජයේ කම්කරුවෙකුගේ දීමනා සහිත වැටුප රුපියල් තිස්පන්දහසක් පමණවේ. එහෙත් මේ අනධ්‍යන කාර්ය මණ්ඩල නාමය නිසා විශ්ව විද්‍යාල වල කම්කරු ,රියදුරු , ලිපිකරු වැටුප් හා දීමනා වල එකතුව රුපියල් ලක්ෂයත් එකහමාරත් අතර වේ.

රටේ පොදු ශ්‍රේණි සඳහා වැටුප් වැඩිවීමක් ලබා දෙනු වෙනුවට මෙසේ අනධ්‍යන කාර්ය මණ්ඩල සඳහා බව පවසමින් වැටුප් ලබාදෙන්නට යාම ජාතික අපරාධයකි.
මේ අනධ්‍යන කාර්ය මණ්ඩලවල ඇතැමුන්ගේ සඳහා බඳවා ගැනීමේ ක්‍රමවේදය ගැන බරපතල ප්‍රශ්න තිබේ. ඇතැමුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධ ප්‍රශ්න ඇත. ඇතැම් අනධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සුදුසුකම සාමාන්‍ය පෙළ විෂයන් හයක් සමත්වීම පමණි. විශ්ව විද්‍යාල රැසක පිරිසිදු කිරීමේ කටයුතු පෞද්ගලික අංශයට පවරාදීම සඳහා ආතම් සේවකයන් කරන්නේ පන්ති කාමර විවෘත කිරීම හා වසා දැමීම පමණක් බව පැවසේ. මේ නිසා මේ පිරිස් වල වැටුප් වැඩි කිරීම සමස්ත රාජ්‍ය සේවයට කරන දැඩි අසාධාරණයකි. ඔවුන් ඊට එරෙහිව වැඩ වර්ජන වල යෙදෙන්නේ නම් රජයට බඳවා ගෙන ඇති අතිරික්ත උපාධිධාරීන් යොදවා එම කටයුතු සිදු කරගන්නට රජයට හැකියාව තිබේ.

ඒ අනුව මැයි මස 08 වනදා විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩලවල වැටුප් විෂමතාවය ඉවත් කිරීම හා දීමනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශ අමාත්‍ය අනුකමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මොවුන්ගේ වැටුප් හා කාර්යයන්, සුදුසුකම් පිලිබඳ නිසි සොයාබැලීමකින් තොරව මෙම වැටුප් වැඩිවීම් ලබා දුනහොත් එය රාජ්‍ය අංශයේ වැටුප් විෂමතා රැසකට මගපාදනු ඇත.

බැසිල් ඉන්දියානු තානාපති හමුවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක් සිදුවී තිබේ.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී පසුගිය දා අදාළ හමුව සිදු වී තිබුණි. X ගිණුමේ සටහනක් තබමින් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ රටේ දේශපාලන තත්ත්වය ඇතුළු අන්‍යොන්‍ය උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව මෙහි දී සුහදව සාකච්ඡා කළ බවය. මේ අතර තවත් සුළු පක්ෂ නායකයන් සමඟ ඉන්දියානු තානාපතිවරයා මේ වන විට සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්ය.

චීන තානාපති මහින්ද බලන්න ගිහින්

ශ්‍රී ලංකාවෙි චීන තානාපති ක්වී ශෙන්හෝන්ග් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ දී පැවැත්විණි.

එහි දී මහින්ද රාජපක්ෂ මහතා සහ චීන තානාපතිවරයා අතර ශ්‍රී ලාංකීය ජන සංස්කෘතිය, වාරි සහ කෘෂි තාක්ෂණය පිළිබඳව කරුණු සාකච්ඡාවට ලක් ව තිබේ. මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ,රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක ද සහභාගී වූහ.

ධම්මික රට එක්සේසත් කරන්නට සැරසෙයි

දේශපාලනයෙන් බෙදුණු රට අධ්‍යාපනය ඔස්සේ එක්සේසත් කලේ තමන් යැයි පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන නම් කියවෙන ධම්මික පෙරේරා මාතරදී ප්‍රකාශ කළේය. මාතර පැවැති ‘ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස්’ හී සහතිකපත් පිරිනැමීමේ උත්සවය අමතමින් ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා පවසා සිටියේ, ආසියාවේ අංක එකේ අධ්‍යාපන නාලිකව බවට පත්වූ ‘ඩීපී එඩියුකේෂන්’ යටතේ ක්‍රියාත්මක සුවිශේෂී වැඩසටසහනක් වන ‘ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස්’ හී අධ්‍යාපනය හදාරන්නන් අතුරින් ඒ ඒ ව්‍යාපෘති අදියර සපුරාලීමට සමත්වූ සිසුන් වෙත සහතිකපත් පිරිනැමීම වෙනුවෙන්, ගිහි පැවැදි දෙපාර්ශ්වයේම දසදහස ඉක්මවූ පිරිසකගේ සහභාගීත්වයෙන් මාතර මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේදී ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධම්මික පෙරේරා “ඒ දවස්වල හාල් පොත දුන්නා. ඒකෙන් දුන්නේ හාල්. ඊට පසුව ජනසවිය දුන්නා. සමෘද්ධිය දුන්නා. අස්වැසුම දුන්නා. දැන් ආයෙත් හාල් දෙනවා. එදා හාල්පොත දෙනකොට ඒක ගන්න හිටියේ අපේ ජනගහනයෙන් සියයට විස්සයි. අද හාල් කිලෝ දහය දෙනකොට ඒක ගන්න අපේ ජනගහනයෙන් සියයට පනහක් ඉන්නවා. එතකොට මේ රටේ දුප්පත්කම කොයි අතටද ගිහින් තියෙන්නේ. හාල් කිලෝ දහයක් වෙනුවෙන් ආණ්ඩුවට වැඳගෙන ඉන්න වෙනවා. එහෙම පිරිසක් පාලනය කිරීම දේශපාලකයාට පහසුයි. ඒත් මේ ක්‍රමවේදයෙන් රටක් හැටියට අපට ගොඩ යන්න පුළුවන්ද? ඒකට ඇති එකම ක්‍රමවේදය තමයි අපි අධ්‍යාපනයෙන් සන්නද්ධ වීම. අපේ දරුවන් තීරණය කරන්න ඕනේ අපි ආණ්ඩුවෙන් හාල් කිලෝ දහයක් දෙනකම් බලා ඉන්නවද, නැතිනම් තව කෙනෙක්ට හාල් කිලෝ දහයක් අරන් දෙන්න පුළුවන් තැනට අපි එනවද කියන එක. එතැනට අපට යන්න පුළුවන් අධ්‍යාපනයෙන් පමණයි. දේශපාලනයෙන් බෙදුණු රට අද මම අධ්‍යාපනයෙන් එකතු කරලා තිබෙනවා. මේ සභාවේ වුණත් දේශපාලන වශයෙන් පාට දෙක තුනක අය ඉන්න පුළුවන්. රට හදනවාය කියලා ඔබ ඉදිරියට එන දේශපාලකයන්ගෙන් ඔබ අහන්න රට ගොඩගන්න කලින් ගම ගොඩගන්න විදිහ කියලා දෙන්න කියලා. මේ රටේ කථා කරන අය ගොඩයි. කථාව ක්‍රියාවට නංවන අය අඩුයි” යනුවෙන් පැවසීය.

කොලම්කරු හා සම්බන්ධ වීමට:
[email protected]
WhatsApp: +13472050049

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan