කම්කරුවන්ට නායකත්වය දෙන්න හිටපු අය ලා දම්පාට වෙලා.ඔවුන් කොළ පාටට වඩා හපන් – දිලිත් ජයවීර

Date:

කොළඹ LNW:”මැයි දිනය ඇයි” යන මැයෙන් මව්බිම ජනතා පක්ෂය විසින් එම පක්ෂ මූලස්තානයේ මැයි දිනය වෙනුවෙන් සැමරුමක් සිදුකරනු ලැබිණි.

පක්ශයේ ජ්‍යෙෂ්ඨ සභාපති හේමකුමාර නානායක්කාර, මහ ලේකම් රංජන් සෙනෙවිරත්න ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ.

මේ රට වෙනස් කරන ඓතිහාසික දින වන බවත් සැබෑ දේශපාලන ක්‍රමවේදය ආරම්භ කරන්නේ අද බවත් මව්බිම ජනතා සේවක සංගමය අද ආරම්භ කරන බවත් එහිදී දිලිත් ජයවීර මහතා සඳහන් කරන ලදී.

‘අද මිනිස්සු මැයි දිනයට එන්නේ කන්න බොන්න. පලක පක්ෂ මැයි දින දෙකක් කරනවා. උපාය මාර්ගික දැක්මක් නැතිව ගහපු බදු නිසා ආදායම තුනෙන් දෙකක් අඩු වෙලා. ඒකද සමරන්නේ. ලයිට් කපපු එකද සමරන්නේ. සාම්ප්‍රදායික රතුපාට මැයි දිනය ලා දම්පාට වෙන්න පුලුවන්. කම්කරුවා හිටියේ වමත් එක්ක. අද වම නෑ. ඔවුන්ට විශ්වාස කරන්න වමක් නෑ. නායකත්වය දෙන්න හිටිය වම අද ලා දම්පාට වෙලා. ඔවුන් ඉන්නෙත් කොළපාට එක්ක. ඔවුන් උත්තර දෙන්න ඕන මෙතරම් කලක් දේශපාලනයේ ඉදලා මොනවද කරන්නේ කියලා. කොළ පාටට වඩා ඔවුන් රට අපරිහානියට ගෙනියනවා. තුන්වන ලෝකෙන් රට යම ලෝකෙට ගෙනියන්න හදනවා. ඔවුන් ඉන්නේ ජාවරම්කරුවන් එක්ක.මේ ගොබ්බ දේශපාලකයින් සිංගප්පූරුවේ අගමැතිගේ මැයි දිනය පණිවිඩය අහන්න ඕන.” යනුවෙන් ජයවීර මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තු අග වෙද්දී ආර්ථිකය ඉතාම අමාරු තැනකට යනවා. 2026 මුල විශාල ආර්ථික අර්බුදයක් එනවා – රාජිත

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක්...

සජබ මතුගම බලය ඇල්ලුවේ ත්‍රස්තවාදයෙන්. ඉදිරියේදී ඒ අයට පසුතැවෙන්න වෙයි – ඇමති නලින්ද

සටහන - රුවන් නෙළුගොල්ල මතුගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන...

මා වැඩ කළේ අමාත්‍යාංශ ලේකම්ගේ උපදෙස් අනුවයි – වරද පිළිගත් ආගමන විගමන පාලක අධිකරණයේදී කළ ප්‍රකාශය

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය සමාගම් දෙකකට ලබාදීම...