ශ්‍රී ලංකාවට පැළ 7 යි ඉන්දියාවට 1 යි

Date:

සටහන – නිශ්මං රණසිංහ
මැයි 01 , කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ පැවත්වෙන ආසියානු ඒ කාණ්ඩයේ රග්බි තරගාවලියේ ආරම්භක දිනයේදී ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ලකුණු 45 – 10 ක ජයග්‍රහණයක් අත් කර දුන්නා.මේ තරගාවලියට වඩා මේ තරගාවලියට ඈදා ගත් පැළ සිටුවීමකට මුල් තැන දෙමින් තරගාවලිය සම්බන්ධ මාධ්‍ය හමුවේදී තරගාවලිය ගැන කණ්ඩායම් සහ කණ්ඩායම් නායකයින් ගැන කිසිවක් නොකියා පැළ ව්‍යාපෘතිය ගැන කයිවාරු ගැසූ රග්බි සභාපතිට අනුව ප්‍රතිපලය කියන්නේනම් මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පැළ හතක් ද ඉන්දියානු ක්‍රීඩකයින් නමින් එක් පැළයක් ද සිටුවන්න අවස්ථාව උදා කරමින් තරගය නිමා වුණා.


කෙසේ වුව ද වසර ගණනක සිට ආසියානු සභාපතිගේ බලපෑම මත නිසි පරිදි ජාත්‍යන්තර පිටියේ පෙරළි කරන්නට ඉඩ හසර නොඳුන් ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාවේ ඒ පිඩනය වැඩියෙන්ම දැණුන ක්‍රීඩකයින් ඊයේ දිනය තමන්ට අහිමි කළ අවස්ථාව ලද සැනින් ක්‍රියාත්මක වී පෙන්වන්නට සමත් වුණා.මහා වර්ෂාව මැද පන්දුව නිසි ලෙස ග්‍රහණය කිරීමේ අපහසුවද තදින්ම දැනෙද්දීත් ඉන්දියාවට එරෙහිව ලකුණු 45 – 10 ක ජයක් කරා යන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.


තරගය ආරම්භ වී මුල් ලකුණු 3 ඉන්දියාව විසින් ලබා ගත්තත් පහළොස් වැනි විනාඩියේදී පමණ ක්‍රියාත්මක වීම ඇරඹූ ශ්‍රී ලංකා ලකුණු යන්තරය පළමු භාගය අවසන් කළේ 21 – 3 ක් ලෙසයි.දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාව තවත් ලකුණු 24 ක් එක් කර ගත්තේ ඉන්දියාවට ලකුණු 7 ක් එකතු කර ගන්නට අවස්ථාව දෙමින්.
ඉකුත් මාර්තු මස විවාහ දිවායට එළැඹි ශ්‍රී ලංකා උප නායක තරින්ද රත්වත්ත මේ තරගයේදී ශ්‍රී ලංකාවේ ලකුණු 45 න් ලකුණු 17 ම හිමිකාරීත්වය දැරුවා මෙන්ම පන්දුව ඉන්දීය සීමාව ආක්‍රමණය කිරීමට රැඟෙකව යාමේදී හැම විටම සිය උපරිම සහය සහ දායකත්වය ලබා දුන්නා.එසේම හේෂාන් ජෙන්සන්,අදීශ වීරතුංග,කවිඳු කොස්තා,ඩිනාල් ඒකනායක වැන්නන් ලකුණු අතර නම නොරැඳුනද ලකුණු අතරට කණ්ඩායම රැඟෙන යාමට විශාල සහයක් ලබා දුන්නා.


ශ්‍රී ලංකාව ලබා ගත් උත්සාහක දිණුම් හතෙන් පුලස්ති දිසානායක සහ තේනුක නානායක්කාර දෙක බැඟින් හිමි කර ගත්තා.තරින්ද රත්වත්ත,සුදාරක දික්කුඹුර සහ හිරුෂ නෙත්මිණ එක් උත්සාහක දිණුම බැඟින් වාර්තා කරන්නට යෙදුණා.එයින් උත්සාහක දිණුම් පහක ප්‍රවර්ථන සාර්ථක වු අතර එයින් හතරක හිමිකාරීත්වය තරින්දටත්,එක් ප්‍රවර්ථවයක හිමිකාරීත්වය හිරූෂ නෙත්මිණටත් හිමි වුණා.
තරගාවලිය අරඹමින් පැවති කසකස්තාන සහ කටාර් අතර තරගය ශ්‍රී ලංකා තරගය තරම් වේගවත් බවක් දකින්නට නොතිබුණ ද කණ්ඩායම් දෙකම සමබර මට්ටමකින් සිටි නිසා තියුණු මුහුණුවරක් ගත්තා.අවසාන තත්පරය වෙන තෙක්ම තරගයේ ජය කාටද යන්න තීරණය කළ නොහැකි මට්ටමට තරගය තියුණු වුණා.
තරගයේ පළමු අර්ධය කටාරය ලකුණු 21 – 14 ක් ලෙස පෙරමුණට එන්නට සමත් වුණා.එහෙත් දෙවන අර්ධයේදී වැඩි වාසිය තමන්ගේ පැත්තට නම්මා ගත් කසකස්තානය සිය ලකුණු මට්ටම 33 දක්වා ඉදිරියට ගෙන ගියත්,කටාර් ලකුණු පූවරුව ලකුණු 31 ක් ව තිබුණා.


මේ අනුව කසකස්තානය මැයි 4 වන දා ශ්‍රී ලංකාව සමඟ ආසියානු ‘ඒ’ කාණ්ඩයේ අවසාන තරගයටත්,ඉන්දියාව සහ කටාරය තෙවන සහ සිව්වන ස්ථාන සඳහා වන තරගයටත් මුහුණ දෙනවා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...