දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වී අදට වසර 31ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මැයි 01, කොළඹ (LNW): ලංකා ඉතිහාසයේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31වන ගුණ සැමරුම අදට (01) යෙදී තිබුණු අතර, එම සැමරුම් උත්සවය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන කොළඹ අලුත්කඩේ උසාවිය අසල ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස පිළිරුව අභියසදී පැවැත්වුණු බව සඳහන් වේ.

එක්සත් ජාතික පක්ෂය විසින් 1993 වසරේ මැයි 01 වනදා පැවැත්වූ මැයි දින ‍පෙළපාළියට එදා ජනාධිපතිව සිටි රණසිංහ ප්‍රේමදාස මහතාද එක්වී සිටි අතර, පෙළපාලිය කොළඹ ආමර්වීදිය වෙත පැමිණි අවස්ථාවේ දී LTTE මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පුපුරවාගත් බෝම්බයකින් රණසිංහ ප්‍රේමදාස මහතා ඇතුළු 23 දෙනෙකුට දිවි අහිමිවූ අතර තවත් පුද්ගලයින් 60කට ආසන්න පිරිසකට තුවාල සිදුවිය.

අදට ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා එලෙස ඝාතනයට ලක්වී වසර 31ක් ගතව ඇති අතර,   ප්‍රේමදාස මහතා සිහිකරමින් ඊයේ පස්වරුවේ ශ්‍රී සුචරිත ශාලාවේදී ධර්ම දේශනයක් සංවිධාන කර තිබූ බව සඳහන් වේ.

ඒ අනුව කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී, මහා සංඝරත්නය උදෙසා සපිරිකර සහිත සංඝගත දක්ෂිණාවක්ද සිදුකෙරුණු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...