ව්‍යවස්ථාවට හිරවුණු මන්ත්‍රීවරු අපට වැඩක් නෑ. අපි හන්දියක් ගානේ ව්‍යවස්ථාව ගිනි තියනවා – ජන්තවංශ හිමි (VIDEO)

Date:

පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සිරවී තම දේශපාලන ස්ථාවරයන් රැකගෙන ජනතාව අවදානමේ හෙළාගෙන සිටී නම් එවන් ව්‍යවස්ථාවකින් ඵලක් නොමැති හෙයින් එය හන්දියක් හන්දියක් ගානේ ගිනිතැබීමට තමන් සූදානම් බව අන්තර්වාර පාලනයක් වෙනුවෙන් දේශපාලන පක්ෂ දැනුවත් කිරීම සඳහා මහා සංඝරත්නය විසින් ඊයේ (30) කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ රැස්වීමට පැමිණි භික්ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කළේය.

“අනිවාර්යයෙන්ම කියන්න තියෙන්නෙ, මේ රටේ ප්‍රධාන ජනතා පරමාධිපත්‍යය. ජනතා පරමාධිපත්‍යයට එහායින් ගිය ව්‍යවස්ථාදායකයකුත් නෑ, විධායකයකුත් නෑ, අධිකරණයකුත් නෑ. අපි ජාතික ගීය කියනකොට සීරුවෙන් ඉන්නවා, එහා පැත්තෙ එකා කලන්තෙ දාලා වැටුණොත් අපි සීරුවෙන් ඉන්නෙ නෑ. ඒ වගේ රට ඔක්කොම කඩාවැටිලා තියෙන වෙලාවක, බෙහෙත් ටික නැතුව මිනිස්සු මැරෙන්න යන වෙලාවක, කන්න නැතුව මිනිස්සු මැරෙන්න යන වෙලාවක, අද මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට හිරවෙලා, තමන්ගෙ දේශපාලන ස්ථාවරයෙන් රැකගෙන ජනතාව මැරියං කියලා රටේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයින් ඉන්නවා නම් ඒ මහජන නියෝජිතයොත් අපට වැඩක් නෑ, ඒ ව්‍යවස්ථාවත් අපට වැඩක් නෑ. අපි හන්දියක් හන්දියක් ගාණෙ මේ ව්‍යවස්ථාව ගිනිතියනවා”

මේ බව පැවසුවේ පාගොඩ ජන්තවංශ හිමියන් විසිනි.

43 සේනාංකයේ නායක පාඨලී චම්පික රණවක මහතා ද ඒ අවස්ථාවේදී එහිමි සමීපයෙහි සිටිනු දක්නට ලැබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආබාධ සහිත ප්‍රජාව වෙත සහන සැලසීමට විධිමත් ක්‍රමවේදයක් ගැන සාකච්ජා!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආබාධ සහිත ප්‍රජාව...

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...