ඔව් මම වැල බැලුවා, නීල් වරද පිළිගනී! ධුරයෙන් ඉල්ලා අස්වෙන බව කියයි!!

Date:

බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රී නීල් පැරිෂ් මහතා බ්‍රිතාන්‍ය පොදු සභාවේ (House of Commons) සිට කාමෝද්දීපන චිත්‍රපට බැලූ බවට ඔහුට එල්ල වූ චෝදනාව පිළිගෙන තිබේ.

බ්‍රිතාන්‍ය පොදු සභාවේ සභාගත වූ යෝජනාවකට ඡන්දය ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දී තිබූ මොහොතක ඔහු සිය ජංගම දුරකතනය ඔස්සේ මෙසේ කාමෝද්දීපන චිත්‍රපට නරඹා තිබේ.

නීල් පැරිෂ් මන්ත්‍රීවරයා කාමෝද්දීපන චිත්‍රපට නැරඹූ බවට එම මොහොතේ පොදු සභාවේ ඔහු අසල අසුන් ගෙන සිටි මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ද ඇසින් දුටු සාක්ෂි ලබා දී තිබේ.

ඒ අනුව, තමා පොදු සභා ශාලාවේ සිට කාමෝද්දීපන චිත්‍රපට දෙවරක් නැරඹූ බවත්, මෙම වරදට තමා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවත් නීල් පැරිෂ් මහතා ප්‍රකාශ කර තිබේ.

පළමුවර නැරඹීමේදී ඔහු එම චිත්‍රපට නැරඹුවේ අහම්බෙන් බවත්, දෙවනවර නරඹන ලද්දේ සිතාමතා බවත් ඔහු පිළිගෙන තිබේ.

මේ වන විට නීල් පැරිෂ් මහතා බ්‍රිතාන්‍ය කන්සර්වේටිව් පක්ෂයේ තහනමකට ද ලක්ව සිටී. මීට අදාළව විනය ක්‍රියාමාර්ගයකට ද ඔහු යටත් ව තිබේ.

තමා කරන ලද්දේ බරපතල වරදක් බවත්, මෙම වරද සමඟ තම ජීවිතයේ ඉතිරි කාලය ගෙවීමට ද තමාට සිදුවන බවත් හෙතෙම පාපොච්ඡාරණය කර තිබේ.

ඒ අනුව තමා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව නීල් පැරිෂ් මහතා ප්‍රකාශ කර තිබේ.

කන්සර්වේටිව් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන නීල් පැරිෂ් මහතා එංගලන්තයේ ටිවර්ටන් සහ හොනිටන් යන ඡන්ද බලප්‍රදේශය නියෝජනය කරන අතර, 2010 වර්ෂයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි. ඔහු 1999 – 2000 යන කාලය තුළ එංගලන්තයේ යුරෝපීය පාර්ලිමේන්තුව ද නියෝජනය කර තිබේ.

අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරුමැද, මධ්‍යම,...

රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයකට විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ සිවිල් සේවා විද්‍යාලයට (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවකයන්ගේ පුහුණුව පිළිබඳ අධ්‍යනයක්...