ඡන්දෙන් පස්සේ විදුලි බිලත් යළි ඉහළ යන ලකුණු

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පිරිවැය ආවරණය වන පරිදි විදුලි බිල සකස් විය යුතු බවට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවකට පැමිණ ඇති බැවින් ඒ ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.

ඒ අනුව ජුනි මාසයේදී මීළඟ විදුලි ගාස්තු සංශෝධනය සිදුකිරීමට දෙපාර්ශ්වය එකඟ වී සිටින බවයි ඔහු සඳහන් කළේ.

“එතන එක මූලික ඇක්ෂන් එකක් තියෙනවා, එනර්ජි ඒ කියන්නෙ විදුලි බිල ගණනය විය යුත්තේ පිරිවැය ආවරණය කරගැනීමට. ඒක තමයි ව්‍යුහාත්මක බෙන්ච් මාර්ක් එක. අපි ඒකට එකඟවෙලා තියෙන්නෙ. ඒකට මිල සූත්‍රයක් හදලා තියෙන්නෙ. එතකොට කාර්තුමය වශයෙන් තමයි විදුලි මිල ගැලපීම් සිදුකළ යුතු වන්නේ. කාර්තුමය වශයෙන් ගැලපීම් සිදුකළ යුතු වුණාට මේ සූත්‍රයේ තියෙනවා දත්ත ගන්න ඕනෙ මාස හයකට. මේක ඇත්තටම කාර්තුමය වශයෙන් වෙනවට වඩා අවුරුද්දකට විතර ගියා නම් හොඳයි. මොකද විදුලි බිල වගේ දෙයක් මාස්පතා වෙනස් කරන්න ගත්තොත් කාර්තුමය වශයෙන් වෙනස් කරන්න ගත්තොත් නිෂ්පාදන කාර්යයට සෘජුවම සම්බන්ධ වෙන නිසා ඒ දත්ත එහාමෙහා වීම නිසා නිෂ්පාදන පිරිවැය වෙනස් වීමකුත් වෙන්න පුළුවන්. නමුත් කෙසේවෙතත් අපි මේ ස්ට්‍රක්චරල් බෙන්ච් මාර්ක් එක ඇතුළෙ ඉන්නෙ. ඒ නිසා කාර්තුමය වශයෙන් යන්න වෙනවා. එහෙම යන එකේ පුංචි ගැටලුවක් තියෙනවා, නමුත් දැන් එහෙම එකඟවෙලා තියෙන නිසා එහෙම කරමු. පසුගිය අවසාන ජනවාරි මාසයේ සිදුකරපු 20%ක අඩුකිරීමට පස්සේ ඊළඟ කාර්තුව එන්නේ මේ අප්‍රේල්වල. අප්‍රේල් මාසයේදී මේ එකඟතාවයකට එන්න බැරිවීම නිසා යම් කාලයක් ලබාදෙන්න, ඊළඟ ඒ කියන්නෙ ජුනි මාසයේදී මේක අනිවාර්යයෙන්ම මේකෙ යම් අර උපකල්පනය කරපුවාගේ ගැටලුවක් තියෙනවා නම් ඒකත් විසඳාගෙන නිසි පරිදි ඉදිරියට යමු කියලා ඒ එකඟතාවයට ඒගොල්ලොත් ආවා. ඒ මිලදී ගැනීමේදී සිදුවන පාඩුව රුපියල් බිලියන 15ට වඩා අඩුවෙනවා නම් අඛණ්ඩව සති දෙකකදී එක්වැර 10% කින් විදුලි බිල වැඩිවෙන්නට ඕනෑයි කියලා. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ අඛණ්ඩ සති දෙකක් ඇතුළෙදී තවම ගැලපීම කරලා නැති ප්‍රශ්නෙ තියෙන්නෙ”

අනිල් ජයන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (අප්‍රේල් 30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...