ෂෝට් එකක අවසානය ….

Date:

සත්‍යම සහ අවසන් තොරතුර මොකක්ද කියන්න හරියටම දන්නේ නැති උනත් සබරගමුවේ සිද්දවෙලා තියන අතිශය අවාසනාවන්ත මරණයේ සංකල්පීය හේතුව තමයි ‘ෂෝටක් ඇඳීම’. විසිඑක් වන සියවසේ පළමු කාර්තුව අවසන් වෙන්න නියමිත මේ මොහොතේ පවා ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයක පළමු වසරේ සිසුවෙක් ‘ෂෝට් එකක්’ (කොට කලිසමක්) ඇඳීම නිසා සහ ඒ නිසා සිදුවන ලජ්ජා කිරීමක් (humiliation) නිසා ගෙල වැලදාගෙන මියයනවා.

ෂෝටක් කියන්නේ තහනම් වස්තුවක්. සංකර ඇඳුමක්. ගල එළියේ. කල්චරල් ෂොක් එකක් (cultural shock). ඒ නිසා තහනම්. ලෝකයක් බටහිරකරණය වෙමින් තියන වෙලාවක මොකක්දෝ මූලධර්මවාදයක් අපේ සමාජයේ කොහේදෝ කොණක තවමත් වැඩකරනවා. ඒ නිසා මිනිස්සු මැරෙනවා. නැත්නම් මරනවා.

ෂෝටක් කියන්නේ ෂොක් එකක්. මරන්න තරම් ෂොක් එකක්. විශ්ව විද්‍යාල සිසුවෙක්ට බැහැ ඒක දරාගන්න.

ඒ කියන්නේ කොට කලිසමක් ඇන්දොත් දඬුවම ලජ්ජාකිරීම (shaming) සහ ලැජ්ජාවේ කෙලවර මරණය. දැන් රැග් එක දුන්න කාලකන්ණි ටිකට කියන්න බැහැ අපි මෙයා මැරෙයි කියල හිතුවේ නැහැ කියල හෝ ඩිප්ප්‍රෙෂන් නිසා මැරුණ කියල. රැග් එකක් දෙන ඕනිම එකෙක් දැනගන්න ඕනි ඒක මරණයෙන් උනත් කෙලවර වෙන්න පුළුවන් කියල. එතකොට වධකයා බබා පාට් ගන්නවා.

ඔන්න බලන්න දැන් සබරගමුවේ ඔක්කොම බබාල වෙලා ඇති. කරන හැම වැඩක් කෙළවරම මහාචාර්යකමට ලකුණක් එනවද නැද්ද කියල හිතන උන් මේ මරණයෙන් ලකුණු එන්නේ නැති නිසා බබා පාට් එකේ ඇති.

අපි හැමෝම මෙහෙම වෙයි කියල දැනගෙන හිටිය (ඕනිනම් කියන්න පුළුවන් මෙහෙමම වෙයි කියල දැනගෙන හිටියේ නැහැ කියලත්!). පහුගිය කාලය පුරාම රැග් එක තියන බව අපි දැනගෙන හිටිය. දෙමව්පියෝ ළමයි එවන්න කලින් හැමෝටම කෝල් කර කර ඇහුව තමන්ගේ ළමය සබරෙට එවන්නද එපාද කියල. ඒ කියන්නේ තිබ්බ සහ තියෙන අරාජක බව අපි දැනගෙන හිටිය. හැබැයි අපි අපේ ‘දේශපාලනය ක්‍රීඩාව’ කරන්න මරණයක් සිද්දවෙනකල්ම හිටිය.

හොඳට හොයල බලන්න මම කියන එක මොකක්ද කියල…

ජපන් ලේඛකයෙක් වෙච්ච යුකියෝ මිෂිමා මෙහෙම කියනවා. ජපානයේ ලස්සන දිහා බලද්දී ලස්සන සකුරා මල්වලට යටින් තියන ලේ බිංදුත් දකින්න!

විශ්ව විද්‍යාලයක් තෝරනකොට වෙබ් එකේ තියන සබරගමුවේ ලස්සන කඳු වළල්ලට යටින් තියන අවලස්සනත් දකින්න….

~ මහේෂ් හපුගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමති මහින්ද ජයසිංහලාගේ ගුරු සංගමයත් අගමැති හරිනිගේ පාසල් වේලාව දීර්ඝ කිරීමේ තීරණයට විරුද්ධ වෙයි

අධ්‍යාපන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඉදිරිපත්...

වැසි තත්වයේ යළිත් වෙනසක් – අද (13) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා. ඇයට එරෙහිව නඩුව පවත්වාගෙන යාම පදනම් විරහිතයි – නීතීඥයා උසාවියට කියයි !

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා...

ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….

මම ඉල් අරගලයේ අතීත සමාජිකයෙක් උනත් අද මම ඉන්නෙ...