සබරගමුව සරසවියේ සිසුවාගේ මරණය පිළිබඳ පරීක්ෂණයක්!

0
394

රෂිකා හෙන්නායක

හදිසියේම සබරගමුව සරසවියේ සිසුවෙකු මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නවක වදය හේතුවෙන් එම මරණය සිදුව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන තොරතුරු සම්බන්ධයෙන් ද, අවදානය යොමු කරන බවත්,එවැනි සිදුවීමක් හේතුවෙන් මරණය සිදුව ඇතැයි අනාවරණය වුවහොත්, ඊට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නා බවත්, අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළේ ය. සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවැනි වසරේ සිසුවෙක් මෙලෙස මියගොස් තිබුණි.