ජාත්‍යන්තර කම්කරු දිනය අදයි !

Date:

සකල දේශවාසී වැඩකරන ජනතාව සිය අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ජාත්‍යන්තර කම්කරු දිනය අදට (01) යෙදී ඇත.

වැඩ දිනය පැය 08කට සීමා කරන ලෙස ඉල්ලා 1886 මැයි මාසයේදී ඇමරිකාවේ චිකාගෝ නුවර හේමාකට් චතුරස්‍රයේදී කම්කරුවන් ගෙනගිය අරගලය සිහිකිරීම පිණිස මෙසේ මැයි 01 වනදා ජාත්‍යන්තර කම්කරු දිනය වශයෙන් නම් කර තිබේ.

එමෙන්ම එම අරගලයේදී පොලිස් වෙඩිපහරින් මරුමුවට පත්වූ කම්කරුවන්ගේ රුධිරයෙන් තෙත් වූ කමිස ඔසවාගෙන එදා ඔවුන් ගිය පෙළපාලිය සිහිපත් කරමින් වැඩකරන ජනතාවගේ ධජය රතු පැහැයෙන් සංකේතවත් වී ඇත.

තාක්ෂණය කෙතරම් දියුණු වුවත් ලෝකය ධනයෙන් කෙතරම් ආඩ්‍ය වුවත් වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් තවමත් බොහෝ සෙයින් පහළ මට්ටමක පවතී. වඩා යහපත් ජීවන තත්වයක් වෙනුවෙන් ඔවුන් ගෙනයන අඛණ්ඩ අරගලය මැයි දිනය තුළින් සංකේතවත් කෙරේ.

ශ්‍රී ලංකාවේ ද ප්‍රධාන දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති අද දිනයේදී උත්කර්ෂවත් අන්දමින් මැයි පෙළපාලි සහ මැයි රැළි පවත්වමින් ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට කටයුතු සූදානම් කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...