මෙම වසරේ පළමු කාර්තුවේ දී සියයට 105ක ආදායමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙම වසරේ පළමු කාර්තුවේ දී ඉලක්ක ගත ආදායම් ඉක්මවා සියයට 105ක ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් උපයා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන අතර එයින් වැඩි ප්‍රතිශතයක් ශ්‍රී ලංකා රේගුව විසින් උපයාගෙන ඇති බවද , ඌරාපොළ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

“මුළු වර්ෂයේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කය අයවැයේ සඳහන් පරිදි ඩොලර් බිලියන 1665යි. 1667න් පළමුවෙනි කාර්තුවට අපි ගණන් හදන්නේ, ආදායම් එකතුවීමේ රටාවක් තියෙනවා. ඒ රටාව අනුව තමා අනුව තමා අපි කාර්තුවලට බෙදන්නේ. ඒ අනුව බිලියන 302යි ඔවුන් අපිට හොයලා දෙන්න ඕනේ. ඔවුන් 316ක් හොයලා දීලා තියෙනවා. ඒ කියන්නේ 105%ක් ඔවුන් අපිට හොයලා දීලා තියෙනවා. අපි සැලකිල්ලට භාජනය විය යුතු අනෙකුත් ආයතන අපි රේගුව බැලුවොත් රේගුවට හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ පළමු කාර්තුවේ ආදායමෙන් 89%යි. වැදගත්ම දේ සුරාබදු දෙපාර්තමේන්තුවේ පළමු කාර්තුවේ බැලුවොත් 64%ක තියෙන්නේ. ඒක අපි විශේෂයෙන් බලනවා. නීතියානුකූල සුරා භාවිතය අඩුවෙලා. අනෙක් පැත්තෙන් නීතියානුකූල නොවන දේ භාවිත වෙනවා. එය සෞඛ්‍ය ප්‍රශ්නයක් මතුකරයි ද අපි සොයා බැලිය යුතුව තියෙනවා. හැබැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමන්ගේ ඉලක්ක ඉක්මවා ගොස් තිබෙනවා.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...

පොරොන්දු වුණ විදිහට විදුලි ගාස්තු අඩුකරනවා – ඇමති පාර්ලිමේන්තුවේදී සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පොරොන්දු වූ පරිදි වසර තුනක් ඇතුළත විදුලිය...