නායකයකුගේ සබඳතාවය, ජාතියක හඬ – මාන් කි බාත් 100වන වැඩසටහන කොළඹ දී සජීවිව

Date:

2023 අප්‍රේල් 30 වන දින ලොව පුරා සජීවීව විකාශය කෙරුණු මාන් කි බාත් 100 වන වැඩසටහන කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ද ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ‍සජීවීව විකාශය කෙරිණ.

2.       ජනතාවගේ සහභාගිත්වය සහ ධනාත්මකභාවය සමරමින් සිදු කෙරුණු මාන් කි බාත් 100වන ගුවන් විදුලි විකාශයේ දී අග්‍රාමාත්‍යතුමා එහි ගමන් මඟ සිහිපත් කළේය. සමාජමය වෙනස්කම් අරමුණු කරගත් මහජන ව්‍යාපාරයන් දිරිගැන්වීමෙහි ලා මෙම වැඩසටහන සිදුකළ පරිවර්තනීය බලපෑම අග්‍රාමාත්‍යතුමා විසින් මෙහිදී බෙදා හදා ගන්නා ලදී. කාන්තාවන් සවිබල ගැන්වීම, දේශීය අත්කම් ප්‍රවර්ධනය සහ පරිසර සංරක්ෂණය වැනි තේමාවන් යටතේ ජනතා ආකර්ෂණය දිනාගත් කතා මෙහි දී ගෙනහැර දක්වන ලදී. විශේෂයෙන්ම G20 සභාපතිත්වය ඉන්දියාව විසින් ඉසිළීම යන සන්දර්භය තුළ සංස්කෘතිය සහ අධ්‍යාපනය ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ ඉහළින්ම තැබීමට ඉන්දියාව දරණ උත්සහයන් පිළිබඳව යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සහ අග්‍රාමාත්‍යතුමා අතර සංවාදයක් ද මෙහිදී පැවැත්විණ.

3.       සජීවී විකාශයෙන් අනතුරුව මාන් කි බාත් තේමාව වන නායකයකුගේ සබඳතාවය, ජාතියක හඬ යන මාතෘකාව ඔස්සේ විශේෂ සාකච්ඡා මණ්ඩපයක් පැවැත්විණ. ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ, ලිබර්ටි පබ්ලිෂර්ස් (පුද්) සමාගමේ සහ දෙරණ මැක්‍රො එන්ටර්ටේන්මන්ට් (පුද්) සමාගමේ සභාපති දිලිත් ජයවීර, ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ මහතා සහ FCBkl.lk හි සභාපති සන්තෝෂ් මෙනන් යන මහත්වරු මෙම සාකච්ඡා මණ්ඩපය සඳහා සහභාගී වූහ.

4. තනි පුද්ගලයාගේ බලය සාමූහික යහපත උදෙසා ඒ්කාබද්ධ කිරීම සඳහා මෙම වැඩසටහන සතු හැකියාව මෙහිදී සාකච්ඡා කෙරිණ. ඵලදායි සන්නිවේදනය උදෙසා චිත්තවේගීමය සබඳතාවයක වටිනාකම ඔවුන් විසින් අවධාරණය කරන ලදී. මාන් කි බාත් හි සහභාගීත්වය මූලික කරගත් ප්‍රවේශය ජනතාව ඉන්දියාවේ සංවර්ධන කතාන්දරයේ කේන්ද්‍රස්ථානයට ගෙන එන බව මහ කොමසාරිස්තුමා ප්‍රකාශ කළේය. මෙම වැඩසටහන බෙදා හදා ගැනීම, ඉගෙන ගැනීම සහ ජාතික අරමුණු ළඟා කර ගැනීම උදෙසා ජනතා ව්‍යාපාර නිර්මාණය කිරීමට වේදිකාවක් ලබා දේ.

5.       මෙම වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ වෙසෙන ඉන්දීය ප්‍රජාව, ශ්‍රී ලංකාවේ සම්භාවනීය අමුත්තන් සහ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ මිතුරන් රැසක් සහභාගී වූහ.

6.       මාන් කි බාත් යනු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමා විවිධ කාලීන තේමාවන් සහ ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය ජනතාව සමඟ කතාබහ කරන මාසික ගුවන් විදුලි වැඩසටහනකි. රාජ්‍ය ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ, ඉන්දියාවේ සංස්කෘතික දායද සහ විවිධත්වය, ඉන්දීය පුරවැසියන්ගේ විශිෂ්ට ජයග්‍රහණ සහ වැදගත් ගෝලීය වැඩසටහන් යනාදිය මෙම වැඩසටහනේ දී සාකච්ඡා කෙරේ.

***

කොළඹ

2023 අප්‍රේල් 30

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙක්සිකෝවේ ගොවිපලකින් රහසිගතව පුළුස්සන ලද මෘත ශරීර රැසක් සොයා ගැනේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකානු ප්‍රාන්තයේ ජාලිස්කෝ...

තණ්හාය ජායතී සෝකෝ තණ්හාය ජායතී භයං ….

මගේ ජීවිතේ තරුණ කාලේ ජ.වි.පෙ. න් ලැබුන රළු භෞතිකවාදී...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...