ජනාධිපතිවරණය දිනන්නේ පොහොට්ටුවේ ආශිර්වාදය ඇති අපේක්ෂකයා විතරයි. වෙලාව ආවාම තීරණය කියන්නම් – මහින්ද

Date:

දේශපාලනය කුමක් වුවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිටින්නේ රටේ ජනතාව සමග බැවින් ජනතා ප්‍රශ්න අමතක නොකරන බවත් ආණ්ඩුවේ යහපත් දෑ අගය කරනවා මෙන්ම ජීවන වියදම ඇතුළු ආර්ථිකය යථා තත්වයට පත්වන තුරු ඒ සම්බන්ධ සාධාරණ විවේචනය ද රට හමුවේ තබන බවත් එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“මේ මැයි රැලිය තීරණාත්මකයි. එළඹෙන ජනාධිපතිවරණයෙන් පස්සේ මේ රට ගමන් කරන්නේ කොයිබටද කියන තීන්දුව අද පටන් අපි රටට ගෙනියන්න ඕනෙ. මේ වේදිකාවෙ ඉන්න නායකයො ඉලක්ක කරලා තමයි හැමෝම මඩ ගහන්නෙ. ඒ ඇයි ? ඔය කයිවාරු නායකයො දන්නවා තවමත් ජනතා බලය තියෙන්නෙ අපි ගාව කියලා. ඒ නිසා කිසියම් කලකිරීමක ඉන්න අපේ පාක්ෂිකයෙක් ඉන්නවා නම් අද ගමට ගිහින් බය නැතුව කියන්න, එළඹෙන ජනාධිපතිවරණය ජයගන්නේ අපේ පක්ෂයේ ආශිර්වාදය තියන අපේක්ෂකයා විතරයි කියලා බොහොම ආඩම්බරයෙන් කියන්න. සමහරු බලයි අපි මෙතරම් විශ්වාසයෙන් ඇයි මෙහෙම කියන්නේ කියලා, වේලාව ආවාම අපේ තීරණය රටට දැනුම් දෙන්නම්.

බලන්න සමහරු මේ දවස්වල 88 – 89 මිනිස්සු මරපු ඒවාට සොරි කියනවා. තව මැඩම් කෙනෙක් ඇවිත් කවුද ජනාධිපති කරපු එකත් මා කළ මෝඩ වැඩක් කියලා දැන් එයාම ප්‍රසිද්ධියේ කියනවා. මේවා කළේ අපට පාඩම් උගන්වන්න. හැබැයි සිද්ධ වුණේ රට ආපස්සට ඇදලා දාපු එක විතරයි. ඔබ දන්නවා, මේ පක්ෂය නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක්. තාමත් මේ රටේ දේශපාලන නාඩිය හොඳට තේරෙන පිරිසක්. ඒ නිසා ඔය සමාජ මාධ්‍යවල මඩ ටීම්වලට එහා ගිහින් ඇත්තට ළංවුණු රටේ ජනමතය තවම තියෙන්නෙ අපි ගාවයි කියලා අපට විශ්වාසයෙන් කියන්න පුළුවන්.

ඒ නිසා දේශපාලනය කුමක් වුණත් අපි ඉන්නෙ රටේ ජනතාව එක්ක. ඔබේ ප්‍රශ්න අමතක කරලා ඒ ගමන යන්න අපි කොහෙත්ම සූදානම් නෑ. ඒ නිසා ආණ්ඩුවේ හොඳ අගය කරනවා වගේම ජීවන වියදම ඇතුළු ආර්ථිකය යථා තත්වයට පත්වෙන තුරු ඒ සාධාරණ විවේචනය අපි රට හමුවේ තබන බවත් මතක් කරන්න ඕනෙ. වැඩබිමේ, ගොවිබිමේ දහඩිය වගුරන කම්කරු ජනතාවගේ සැබෑ ආර්ථික පීඩාවන් මඟහැර ඔවුන්ට නිසි ගරුත්වය වගේම අතමිට සරු හෙටක් නිර්මාණය කරන්නත් අපි කැපවෙන බව විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරනවා. මිත්‍රවරුනි, වැටුණු රට යථා තත්වයට ගේන්න ශක්තිය වුණා වගේම මේ රට දිනවන අනාගත බලය අපි සියලු දෙනා එකට එක්ව නිර්මාණය කරමු. දිනන අපේක්ෂකයා ඉන්නෙ අපෙ ගාව නම්, ඒ දිනන රට වෙනුවෙන් එක ගමනක් යන්න අත්වැල් බැඳගන්නැයි අපි ඔබට ආරාධනා කරනවා”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) බොරැල්ල කැම්බල් පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැයි දින රැලිය අමතමිනි.

අගමැති දිනේෂ් ගුණවර්ධන, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ධම්මික පෙරේරා, චමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, කංචන විජේසේකර, ඩග්ලස් දේවානන්දා, සී.බී. රත්නායක ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහ විශාල ජනකායක් මෙම මැයි රැළියට එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලේඛනගත නොකළ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම වේගවත් කිරීමට ට්‍ර්ම්ප්ගෙන් නියෝග

සටහන: සශිකලා මධුෂාණිජුනි 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

අපේ කණ්ඩායමේ කළු බැටළුවෝ ඉඳල තියෙනවා – පැරදුණු රීසා සරූක් කියන කතාව

කොළඹ LNW: කොළඹ මහ නගර සභාවේ පුරපති සටන වෙනුවෙන්...

වැඩිහිටි අපයෝජනය ගැන කියන්න වට්ස්ඇප් අංකයක්!

කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සෑම වසරකම ජුනි...