“රටහදන විසඳුමට ජන බලය එක පෙළට” අනුර පෙරටුකොටගත් NPP මැයි දින සැමරුම!

Date:

කොළඹ LNW: ”රටහදන විසඳුමට ජන බලය එක පෙළට” යන තේමාවෙන් ජාතික ජන බලය සිය මැයි දින සැමරුම සංවිධානය කර තිබුණු අතර ඊට ඉහළ අවධානයක් යොමුව තිබුණු අතර කොළඹ පැවති සැමරුමට විශාල පිරිසක් එක්ව සිටින ආකාරය දක්නට ලැබුණා.

සුපුරුදු පරිදි ආකර්ෂණිය අංග රැසකින් පෙළපාලිය සංවිධානය කර තිබුණු ආකාරයයි දැකගැනීමට හැකි වුණේ.

ලොව පුරා වැඩකරන ජනයා ඇතුළු පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ ඉතිහාසයේ විශාලතම අර්බුදයන් හා පීඩනයන් හමුවේ වන අතර අධිරාජ්‍යවාදී පාලනයත් ඔවුන් විසින් ලොව මත පටවා ඇති බංකොලොත්, අසාධාරණ නව ලිබරල් පාලනය ක්‍රමයත් වැඩකරන ජනතාව ඇතුළු පොදු ජනතාව වෙත උරුමකර දී ඇත්තේ ඉතාමත් පීඩාකාරී, ව්‍යසනකාරී තත්වයක් බවයි ජාතික ජන බලවේගය සිය මැයි දින පණිවිඩයෙන් පවසා තිබුණේ.

සමාජයේත්,ආර්ථිකයේත්,දේශපාලනයේත් ගැඹුරු සාධනීය වෙනසක් වෙනුවෙන් පෙරට එන ලෙස මෙම ජාත්‍යන්තර කම්කරු දිනයේදී ජාතික ජන බලවේගය සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඒ්ස් කැපිටල්,බදුරලිය හිරුණිකාගේ දඟ සුළඟට හසුව පරාජයට…

නිශ්මං රණසිංහ අගෝස්තු 04, කොළඹ LNW: හිරුණිකා නිවර්ථනීගේ අති දක්ෂ පන්දු...

යේමනයට ඔබ්බෙන් බෝට්ටුවක් පෙරලීමෙන් සංක්‍රමණිකයින් 50 කට අධික පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 04; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යේමනයට ඔබ්බෙන් ගල්ෆ්...

එළවළු, මාළු, පොල් මිල හා අවධමනය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ජූලි මාසය අවසන් වී...

මන්ත්‍රී චාමර සම්පත්ගෙන් පොලීසිය භාර ඇමතිට එරෙහි පැමිණිල්ලක්!

කොළඹ LNW: 2024 වසරේ පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේදි සිදුව...